අපක්ෂපාතී මාධ්‍යවේදියෙකුගේ සත්‍යවාදී හෘද සාක්ෂිය..

Spread the love

සජිත් අයියේ,  එදා උඹට අපේක්ෂකත්වය ලැබුණු ගමන් තිබුණු මාධ්‍ය සාකච්ඡාවේදී පිටට තට්ටුවක් දාල “කොහොමද මල්ලි” කියලා මගෙන් අහපු උඹට මම පහුගිය ටිකේ ගහපු ගැහිල්ල උඹ දකින්න ඇති. ඒවා දැකලා උඹ හිතනවා ඇති ඇයි මේ මිනිහා මට මෙහෙම අසාධාරණ විදියට ගහන්නේ කියලා. සමහර විට උඹට තරහා ඇති. සමහර විට වේදනාවක් ඇති.  මම වගේම එදා එතන හිටපු හැම කෙනෙක්ටම උඹ කතා කරපු ලෙංගතුකම මට අමතක නැහැ.

හැබැයි ඒ ළෙන්ගතුකම පෑනෙන් පෙන්නන්න විදියක් අපිට නැහැ. හවස News line up එක හදද්දී අපි උඹට කරන අසාධාරණය ගැන අපේ හදවත් කකියනවා. උඹේ ප්‍රතිවාදියා Teleprompter එක දිහා බලාගෙන කරන කතාවෙනුත් හොඳම කොටස තෝරලා උඹේ පැයක විතර කතාවකින් විහිළුවක් හෝ උඹේ කටින් වරදින කුඩා කොටසක් හොයන්න මේ රටේ දුක්විඳින මිනිස්සු ගැන අසීමිත ආදරයකින් උඹ කරන සම්පුර්ණ කතාව අහද්දී ඇස් තෙත් වෙනවා.

ඒත් අපිට ඒවා පෙන්නන්න අවසර නැහැ.  අපේම පන්තියේ මාධ්‍ය වේදීන් මහමග මරාදැමූ, කකුල් අතපය කැඩූ අනුකම්පා විරහිත ඒකාධිපතියෙකුට සුදු පිරුවට අන්දවා අභිෂේක කිරීමට මාධ්‍ය ජාවාරම්කරුවන්, මාධ්‍ය මුදලාලිලා කරන කැත උත්සාහය නොදකිනවා නොතේරෙනවා නෙවෙයි. ඔවුන් එහෙම කරන්නේ කවුරු ආවත් ඒ මාධ්‍ය මුදලාලිලාට හානියක් නැති නිසා බව නොදන්නවත් නොවේ.

පාරේ මැරුණේ අතපය කැඩුනේ අපේ පන්තියේ උන්ගේ මිසක් මාධ්‍ය මුදලාලිලාගේ නෙවෙයි කියන එක අපි හැමෝම දන්නවා. ඒත් අපි අපේ රැකියාව රැකගන්න ඕන. ඒ අසරණකමට අපිට සමාවෙයන්.  එළියේ උඹ වෙනුවෙන් පෙනී ඉන්න බැහැ.

හැබැයි නොවැම්බර් 16 වනදා කාඩ්බෝඩ් ආවරණය ඇතුළට ගිහින් පුංචි පැන්සල අතට අරගෙන මෙච්චර කාලයක් හදවතේ තදකරගෙන හිටපු සැබෑ හෘද සාක්ෂිය විවර කරනවාමයි…!!!  එතකන් උඹව කැත විදියට පාගලා දාන අපිට සමාවෙයන් සජිත්..!!!

මෙය සිය අනන්‍ය තාවය හෙලි කිරීමට අකමැති වූ මාධ්‍යවේදියෙකු සජිත් වෙත එවූ පනිවිඩයකි.ඔහු සේවය කරන්නේ කුමණ මාධ්‍ය ආයතනයටද යන වග වත් සටහන් කර නොතිබුනි. ජනමතය නිදාසිටින සිංහයෙකු බදුය .මොහු නොවැ 16 ලෙන් දොර බිදීමට සූදානමින් සිටින තවත් එක් සත්‍යවාදියෙකු පමනි.-

RSL

Related Posts