අන්තර්ජාලය ඔස්සේ වීසා ලබාගැනීමේ අවස්ථාව උදාවේ

Spread the love

සංචාරකයින් සඳහා අන්තර්ජාලය ඔස්සේ වීසා ලබාගැනීමේ මෙම නව වැඩපිළිවෙළක් හඳුන්වාදීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර සැප්තැම්බර් 30 වන දින එළි දැක්වීමට යන මෙම අන්තර් ජාල පද්ධතිය භාවිතා කරමින් රටවල් 78 ක සංචාරකයින් සඳහා ඉලෙක්ට්‍රොනිකව වීසා අනුමත කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.
කෙසේවෙතත්, තවදුරටත් සිංගප්පූරුව හා මාලදිවන යන රටවල වැසියන් සඳහා දැනට පවතින ආකාරයටම රටට පිවිසෙන අවස්ථාවේදී වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරනු ඇත.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබන 30 වන දින මෙම නව ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිත බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා සඳහන් කරයි.
විදේශීය ආයෝජකයින්, සංචාරකයින් ඇතුළු සියලුම පිරිස්වලට අපහසුතාවයකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව ලබාදීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව ද ඔහු කියා සිටියි.
මේ අනුව, ඉලෙක්ට්‍රොනිකව වීසා අයදුම් කිරීම ව්ව්ව්.එට.ගොව්.ල්ක් යන වෙබ් අඩවියට පිවිස සිදුකීරීමට හැකිබව ඔහු වැඩිදුරටත් සදහන් කරයි. .

Loading...

RSL

Related Posts