අද මට තියෙන්නේ මගෙන් විය යුතු යුතුකම් ඉටු කරන්න විතරයි – ජනපති

Spread the love

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ මහනගර සභා අපේක්ෂක අසාද් සාලි ඇතුළු පිරිසක් අරලියගහ මන්දිරයේදී ඊයේ (18 සැප්.) හමුවූ අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ් කර සිටියේ සියල්ලන් එක්කරගනිමින් රට ගොඩනැගීම තම අවශ්‍යතාව බවත් ඒ හේතුවෙන් සියලු පක්ෂවල සාමාජිකයින් තම කැබිනට් මණ්ඩලයට ද ඇතුලත්ව සිටින බවත්ය.
එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.
“සිංහල ජනතාවට, මුස්ලිම් ජනතාවට නැගෙනහිර, මාවිල්ආරු වහාලා, ඔවුන්ගේ කුඹුරු යාය පාළු වෙනකොට එදා තමයි මම හමුදාවට කිව්වේ. දැන් ගිහිල්ලා මාවිල්ආරු නිදහස් කරනවා කියලා. එල්.ටී.ටි.ඊයට අපි එක්ක සටන් කරන්න පටන් ගත්තා. අපි ඒ සටන අවසන් කරන එක විතරයි අපි කළේ. මම අරගෙන තියෙනවාලු එක්සත් ජාතික පක්ෂය, ඇත්ත මගේ ගාව වෛරයක් නෑ. මේකේ ඉන්නවා ඔක්කෝම හැමෝම ඉන්නවා හැම දේශපාලන පක්ෂයම ඉන්නවා, එක්සත් ජාතික පක්ෂය විතරක් නෙමෙයි මට ඉතින් මොකද ප්‍රශ්නේ, මේ රටේ ජනතාව ලක්ෂ 18කින් මාව ජයග්‍රහණය කරාට පස්සේ. අද මට තියෙන්නේ ඔබ වෙනුවෙන් මගෙන් විය යුතු යුතුකම් ඉටු කරන්න විතරයි”

[youtube W8KQsfZ9GDU]

RSL

Related Posts