අද (අගෝස්තු09) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතුව එක්ව මෙම විරෝධතාව පැවැත්වීමට නියමිත අතර එයට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය විසින් කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
කෙසේ නමුත් එම විරෝධතාවලදී යම් සාමය කඩවීමේ ක්‍රියාවක් හෝ දේපළවලට හානි කිරීමක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසියට බලය පවතින බවයි මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.