අද ජාත්‍යන්තර ළමා දිනය සහ වැඩිහිටි දිනයයි

Spread the love

ජාත්‍යන්තර ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී ඇත. ළමා දිනය නිමිත්තෙන් පැවැත්වෙන ජාතික උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (01 ඔක්.) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදි පැවැත්වේ.
මෙවර ජගත් ළමා දින ජාතික උත්සවයේ තේමාව වනුයේ ‘මේ දරු කාගේ නුඹගේ අපගේ සුරකිමු රට දැය වාගේ’ යන්නයි.
මෙම උත්සවයට පාසල් ළමයින් 1000ක් සහභාගී වන අතර ජාතික ළමා ගීතයත්, ජාතික ළමා කොඩියත් හඳුන්වා දීම ද මෙහිදී සිදුකෙරේ. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය හා විද්වත් පුද්ගලයන් 41 දෙනකුගේ ළමා කාලය පිළිබඳ තොරතුරු ඇතුළත් ‘පිපිතඹරන’ කෘතිය ද එළි දැක්වෙනු ඇත.
‘වැඩිහිටි ලෝකය එළිය කරමු’ මෙවර ජගත් වැඩිහිටි දින ජාතික තේමාව වෙයි. මේ නිමිත්තෙන් පැවැත්වෙන ජාතික උත්සවය අද (01 ඔක්.) උදේ 9.00 ට සමාජ සේවා ඇමැති ෆිලික්ස් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එම නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි මහතාගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ දී පැවැත්වේ.
මේ අතර ලෝක ළමා දිනය නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ පණිවිඩය මෙසේ සඳහන් කරමු.
ආදරණීය දුවේ පුතේ, වර්තමානයේ උදා වී ඇත්තේ එවැනි යුගයකි. අපි අපේ මාතෘ භූමිය එක්සේසත් කළ ආකාරය ඔබ දැක තිබේ. ඒ සඳහා ජීවිත පරිත්‍යාග කරන්න ඉඩක් ලැබුණේ නැතත් වතුර බෝතලයක් හෝ දී ඒ ඓතිහාසික කාර්යයට ඔබත් දායක විය. එසේම මේ රටේ දරුවන් අතරින් බොහෝ දෙනෙක් වසර දහස් ගණනාවකට පසු වරායක පතුල පෑගීමේ වාසනාව ලැබීය. තවත් වසර දහස් ගණනාවක් යනතුරු අද යුගයේ නම කියවෙන ආකාරයේ ඉදිකිරීම් රාශියක් ඉදිවෙන අයුරු ඔබට දක්නට ලැබේ.
එය මාතෘ භූමිය ලෝක සිතියමේ වැදගත් තැනකට ඔසවා තබන ආකාරය දකින්න ලැබීම වාසනාවකි. ඔබ ජීවත් වෙන්නේ අනාගතයේ ලෝකය ආසාවෙන් සමරන යුගයකය. ඒ ඓතිහාසික යුගයේ ඔබත් ඔබගේ නම ඉතිහාසයේ සටහන් කෙරෙන ආකාරයේ ෂශිෂ්ටයකු වීමට සිතට ගත යුතුය. ඒ සඳහා ඔබගේ බාල කාලය අර්ථවත්ව යොදවනු ඇතැයි මම විශ්වාස කරමි.

RSL

Related Posts