“අගමැති ව්‍යවස්ථාව කඩ කරන්නේ නැහැ” – වජිර අබේවර්ධන

Spread the love

ජනපතිවරයා ඉල්ලා අස්වන නිසා අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවට ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නීති කඩ කිරීම කිසිසේත් කළ නොහැකි බව පෙන්වා දුන් වජිර අබේවර්ධන කියා සිටියේ තමන් ඉවත්ව යාමට කැමැත්ත පළ කරන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය මාධ්‍ය විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි.

රටට නීතියක් අවශ්‍ය බවත්, සියලු ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිදු විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කල බවට වාර්තා වෙයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වැනි වගන්තිය ලියා ඇත්තේ රටක අස්ථාවර භාවයක් ඇති වූ විට එය ස්ථාවරභාවයක් ඇති කිරීමට බවත් එය 37/1 සහ 37/2 වගන්තිවලින් තවත් ශක්තිමත් වන බවත් එජාප සභාපතිවරයා තවදුරටත් පැවසීය.

ජුලි 13 වැනිදා ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට නියමිත බැවින් ඉහත උප වගන්ති දෙක නිසා රජය පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බවද අබේවර්ධන මහතා පවසා තිබූ බවට වාර්තා විය.

RSL

Related Posts