දත් ගලවලා නැව් ගත්ත නැව්පතියා – පාර්ලිමේන්තුවේදී විමල්ගෙන් රාජිතට ප්‍රහාරයක් (Video)
- RSL
- February 19, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, මතවාද
- Rajitha Senarathna, wimal weerawansa
- 0 Comments
වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් අද(19) පාර්ලිමේන්තුවේ පැවති විශේෂ සැසිවාරය ඉතා උණුසුම් වූ අතර එහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා විසින් ඇමති රාජිත සේනාරත්න මහතාට දැවැන්ත වාග් ප්‍රහාරයක් එල්ල කරන ලදී.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ලද ජනතා ප‍්‍රතිචාරය අනුව ජනාධිපතිවරයාට තව දුරටත් ජනාධිපති පුටුවේ හෝ අගමැතිවරයාට අගමැති පුටුවේ හෝ සිටීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ යයි සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර විසින් නිවේදනය කර තිබියදී ඇමතිවරුනට තව දුරටත් ඇමති පුටුවට වී සිටීමේ කිසිදු අයිතියක් නැතැයිද ඔහු සදහන් කලේය.
එමෙන්ම විපක්‍ෂ නායකවරයාටද එම ධුරය දැරීමට කිසිදු අයිතියක් නැතැයිද ඔහු කියා සිටියේය.

