ඇමති විජේදාස ජාත්‍යන්තර වෙසක් උත්සව කමිටුවෙන් සංඝයාවහන්සේලා නෙරපයි!

Spread the love

වත්මන් යහපාලන රජයේ බුද්ධ සාසන සහ අධිකරණ අමාත්‍යවරයා වන විජේදාස රාජපක්ෂ විසින් 2017 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවයේ සැලසුම් සහ සංවිධාන කමිටුව සඳහා මෙරට කිසිඳු සංඝයා වහන්සේ නමක් සහභාගී කර ගෙන නොමැති බව වාර්තාවේ.

මෙතෙක් පිටරටවල පැවති ජාත්‍යන්තර වෙසක් උත්සවලදී ඒවායේ සංවිධාන සහ සැලසුම් කමිටු සඳහා මුලිකත්වය ගෙන ඇත්තේ එම රටවල ප්‍රධාන සංඝයා වහන්සේලා සහ වෙනත් රටවලද සංඝයා වහන්සේලා වුවත් ශ්‍රී ලංකාවේදී එම තත්වය ඇමතිවරයා විසින් මුලුමනින්ම වෙනස් කර ඇත.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සව කමිටු සඳහා බුද්ධ සාසන අමාත්‍යවරයා විසින් පත්කර ගෙන ඇත්තේ බුද්ධ සහ බුද්ධ නොවන අන්‍යාගමික ගිහි පිරිසක් බවද වාර්තාවේ.

මේ හේතුවෙන් මේ වන විට මහා සංඝරත්නයෙන් ජනාධිපතිවරයාටත්, රජයටත් දැඩි දෝෂාරෝපණයක් එල්ල වෙමින් ඇත. අමාත්‍ය විජේදාස අවම තරමින් මෙම සංවිධාන කමිටුව සඳහා ත්‍රෛනිකායික හිමිවරුන් නියෝජනය කරමින් වත් කිසිඳු හිමිනමක් පත්කර නොමැත.

RSL

Related Posts