ලද පළමු අවස්ථාවේදීම ආණ්ඩුව පෙරළන්න සුදානම්!
- RSL
- September 21, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Former President Mahinda Rajapaksa, Mahinda Rajapaksa
- 0 Comments
වත්මන් රජය පෙරළීමට ඇති පළමු අවස්ථාවේදීම පෙරලා දැමීම සඳහා සූදානමින් සිටින බව හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
නිදහස් කලා සංසදයේ සාමාජිකයන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ පානදුරේදී පැවති අතර එම හමුවට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
අද වන විට අපට රටක් අහිමිවී යමින් පවතින බවත් 2020 වන විට ඉතුරු වීමට දෙයක් නොමැති බව ප්‍රකාශ කළ හිටපු ජනාධිපතිවරයා තම පාලන කාලය තුළ ඉදිකරන ලද වරාය, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග වත්මන් ආණ්ඩුව විසින් විදේශිකයින්ට විකුණමින් කොමිස් ගසන බවද අවධාරණය කළේය.
රන්මිණිතැන්න මෙලි සිනමා ගම්මානය අද වන විට කොටස්වලට බෙදා නිවාස ව්‍යාපෘති සකස් කරමින් සිටින බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

