විජයකලාව අමාත්‍යධුරයෙන් නෙරපා දමන ලෙස අගමැති, ජනපතිගෙන් ඉල්ලයි
- RSL
- July 3, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- vijayakala maheswaran
- 0 Comments
ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියගේ අමාත්‍ය ධුරය තාවතාලිකව ඉවත් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලිමක් කර තිබේ.
විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය යාපනය ප්‍රදේශයෙදි ඊයේ (02) එල්.ටී.ටී.ඊ සංවිධානයේ පාලනයක් අවශ්‍ය බවට කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන්වන තුරු ඇයගේ අමාත්‍ය ධුරය තාවකාලිකව ඉවත් කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් මෙලෙස ඉල්ලීමක් කර ඇත.
ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ඊයේ දිනයේ සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධව අද(03) පාර්ලිමේන්තුව තුළ උණුසුම්කාරී තත්ත්වය හටගත්තේය.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකළ ප්‍රකාශය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් විමසීමක් කළ අවස්ථාවේ අමාත්‍යවරයා දුන් පිළිතුරත් සමඟය.
අකිල විරාජ් අමාත්‍යවරයා පැවසුවේ තමන් එ සම්බන්ධයෙන් අමාත්‍යවරියගෙන් දුරකතනයෙන් විමසු විට, ඇයට එම අවස්ථාවේ හටගත් ආවේගශීලීබව හේතුවෙන් තමන් එවැනි ප්‍රකාශයක් සිදුකළ බවට තමන්ට පැවසු බවයි.
පසුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය හමුවේ පස්වරු 02.00 ට පමණ පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තැබීමට කථානායකවරයා තීරණය කළේය.
යළිත් පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය පිළිබඳව කථානායකවරයා ගනු ලබන ක්‍රියාමාර්ග කුමක්ද යන්න සම්බන්ධයෙන් විමසා සිටියේය.
මෙහිදී කථානායවරයා සඳහන් කළේ මීට අදාළව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තමන් කටයුතු කරන බවයි.
එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කරමින් දැඩි විරෝධය පළ කළ අතර පැවති තත්ත්වය හමුවේ කථානායක කරූ ජයසූරිය මහතා පස්වරු 02.30 ට පමණ පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තබන බව දැනුම් දුන්නේය.

