වාස් ගුණවර්ධනට වසර 05ක සිර දඬුවම්

Spread the love

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කර තිබේ.

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනිමට යාමේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතාට මරණිය තර්ජන එල්ල කිරිම පිළිබඳ චෝදනාවට වරදකරුවිම හේතුවෙන් මෙම දඩුවම නියම කර තිබේ.

ශානී අබේසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා 06ක් යටතේ වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබිණ.

ඉන් මරණිය තර්ජන එල්ල කිරිමේ චෝදනාව වැඩිබර සාක්ෂිමත ඔප්පුකර ඇති බැවින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (12) එම නියෝගය නිකුත් කර තිබේ.

RSL

Related Posts