මහමැතිවරණයකට එජාපයේ විරෝධය
- RSL
- November 10, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- General Election, United National Party, UNP
- 0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහමැතිවරණයක් කැඳවීමට තීරණය කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය මේ වන විට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී.
ඒ අනුව අද මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබීම ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ අද(10) මැතිවරණ කොමිෂන් සභාවට ගියහ.
ව්‍යවස්ථාවට පිටින් මෙම මැතිවරණය පැවැත්වීමේ නීති විරෝධී භාවය ගැන තම මතය මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කළ බවත්, මැතිවරණ කොමිසම ඊට සාවධානව ඇහුම්කන් දුන් බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය.
මෙම මැතිවරණය පැවැත්වීම සම්බ්නධයෙන් මැතිවරණ කොමිසම කුමක් ප්‍රකාශ කළේදැයි මාධ්‍යවේදීන් කළ විමසීමේදී පෙරේරා මහතා කීවේ ඒ සම්බන්ධයෙන් මේ අවස්ථාවේ අදහස් ප්‍රකාශ කළ නොහැකි බවයි.

