එජාපයේ 28ක් රනිල් ගැන නැතිවෙන්න ගිය විශ්වාසය යළි ඇති කර ගනී (Video)

Spread the love

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ඇතුළු එජාප මන්ත්‍රීන් 28 දෙනෙකු විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට තීරණය කළ බව මාධ්‍ය හමුවක් පවසමින් පැවසීය.

ඉදිරි සතියේදී සිදු කරන බව කියන එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානය දෙස බලාපොරොත්තු සහගතව බලා සිටින බවත් ඔවුන් කීහ.

තමන් සමග එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 28 දෙනෙකු සිටින බවත් ඔවුන් සියළු දෙනාම ආණ්ඩුව රැක ගැනීම සදහා විශ්වාස භංගය පරාජය කිරීම සදහා කටයුතු කරන බවද ඔවුන් සදහන් කලහ.

කෙසේ හෝ ඉදිරි සතියේ සිදුවන බවට පොරොන්දු වී ඇති ප‍්‍රතිසංවිධානය සිදු නොකලහොත් ඉදිරියේදී දැවැන්ත පිපිරීමක් සිදුවනු ඇති බවද ඔවුහු කියා සිටියහ.