එජාපයේ බලාපොරොත්තු බිඳ වැටේ.. පළාත් පාලන රැසක බලය අහිමිවෙයි

Spread the love

පැවති පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල බලයත් ඔවුන් අතින් ගිලිහී යන තත්වයට පත්ව ඇති අතර, එජාපයේ මන්ත්‍රීවරුන් පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් බලයට පත්කිරීම සඳහා සහය ලබාදෙමින් සිටිති.

අද (26) බලය පිහිට වූ දෙහිවල-ගල්කිස්ස මහා නගර සභාව, ගාල්ල මහා නගර සභාව, මොරටුව මහා නගර සභාව යන පළාත් පාලන ආයතන එක්සත් ජාතික පක්ෂයට සභාපතිධුරය ලබාගනිමින් බලය පිහිටුවීමට හැකි ආයතන රාශියක් එජාපයට අහිමි වී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ දුර්වල නායකත්වය සහ ඒ මත වූ අරාජිකත්වය තුළ මෙම දේශපාලන තත්වය නිර්මාණය වී ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.