එජාපයේ මන්ත්‍රීවරු ගැලවෙමින් අගමැති මහින්ද දෙසට එති.. සමහරු රනිල් බලන්න යන හේතුව හෙළිවෙයි!

Spread the love

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද (28) දින දිවුරුම් ප්‍රකාශ අත්සන් කර දුන් මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති මහින්ද රාජපක්ෂ නව ආණ්ඩුව සමඟ එක්වීමට නියමිත බව ඉතා විශ්වාසනීය ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

නිරන්තරයෙන් දුරකථන ඇමතුම් ලබාදෙමින් රනිල්, අඛිල, සාගල, මංගල යන මන්ත්‍රීවරුන් දෙන වදයෙන් මිදී අවසාන මොහොත දක්වා රනිල් වික්‍රමසිංහ මීට පෙරදී සිදුකළ ආකාරයට (ගොනාට ඇන්දවීම) සඳහා මුනිච්චාවට මෙලෙස ඔහුට සහය ලබාදෙන බව පවසති.

තම සතුරෙකු හෝ තරහ කාරයෙකුගේ වුවද මරණයක් සිදු වූ විට එම මළගෙදරට ගොඩ වී ඒම, කයි කතන්දර කියමින් එහි රැයක් දෙකක් ගත කිරීම අපේ කමේ, අපේ සංස්කෘතියේ කොටසක් වන අතර මේ වන අරලිය ගහ මන්දිරයේ තැන්පත් වී සිටින එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බැලීමට එජාපයේ අති බහුතරයක් මන්ත්‍රීවරුන් යන්නේ එන්නේ එවැනි පදනමකින් බවත්, එය ගණන් ගත යුතු දෙයක් නොවන බවත් එසේ සිදු කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු “රීඩ් ශ්‍රී ලංකා” වෙත පැවසීය.

මීට අමතරව කඳුරට ජනතා පෙරමුණ නියෝජනය කරන එම පක්ෂයේ නායක හා නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාධාක්‍රිෂ්ණන්ගේ සහයෝගය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලබා දීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.අරවින්ද කුමාර්ගේද සහයෝගය මහින්ද රාජපක්ෂට ලබාදිමට එම පක්ෂයේ විධායක කමිටුව විසින් ඔවුන් දෙදෙනාට පුර්ණ අනුමැතිය ලබාදි ඇත.

වත්මන් රජයෙන් තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාගන්නා ලෙසට ආරාධනාවක් ලැබුණහොත් තමන් එම අමාත්‍යධුරය භාර ගන්නා බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හා නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් පවසා ඇති අතර ඔහුගේ සහයද අගමැති මහින්ද රාජපක්ෂට හිමිව ඇත.

RSL

Related Posts