අප්‍රේල් 4 වැනි දිනට පෙර එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධානයක් නොකරන්නේ නම් එදින විශ්වාසභංගයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 27 ක් පමණ විශ්වාසභංගයට සහාය පළ කරන බව රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (26) පැවසීය.
ඒ අනුව එදින එම මන්ත්‍රීවරුන් විශ්වාසභංගයට සහාය පළ කිරීම හෝ නොපැමිණ සිටීම යන දෙකෙන් එකක් සිදු වනු ඇතැයි ද රංගේ ඇමැතිවරයා කීවේය.
ආණමඩුවේදී පැවැති ජනහමුවකදී ඇමැතිවරයා මේ බව කීවේය.
අගමැතිතුමාට විශ්වාසය පළ කරන ලියවිල්ලකුත් අත්සන් කරා. මටත් කතා කරා මම ගියෙත් නෑ. අත්සන් කොරන්නෙත් නෑ, මගේ මිනිස්සු ගැන බැලුවෙ නැත්නම් මට කොහෙන්ද විශ්වාසයක් තියෙන්නේ.
එක ඇමැතියෙක් 7000 කට පත්වීම් දෙන විට අපට මේකෙ 700 කට පත්වීම් දෙන්න තියෙන්න ඕන. ඇමැතිවරු දෙන්නෙක් තුන්දෙනෙක් නෙවෙයි මේ ආණ්ඩුවට ඡන්දෙ ??. අපි කැපවුණේ නැද්ද? අපි වියදම් කළේ නැද්ද? රංගේ බණ්ඩාරට තව කෙනෙක් ගැන විශ්වාසයක් තියන්න පුළුවන්ද? මට විශ්වාසයක් නෑ. මට කියනවා වට්ස්ඇප් එකෙන් ඉමෝ එකෙන් හරි බයිබර් එකෙන් හරි අත්සන දෙන්න කියලා. මම කිව්වා එක එක්කෙනාට මම අත්සන් දෙන්නෙ නෑ මගේ අත්සන තියන්නෙ මට ඕන එකාට දෙන්න කියලා. පක්ෂය පූර්ණ ප්රතිසංවිධානයක් කරන්න. පළාත් සභා මැතිවරණයට යන්න තියනව ලබන වසරේ ජනාධිපතිවරණයට යන්න තියනව. ඊළඟ අවුරුද්දෙ මහ මැතිවරණයට යන්න තියනව. අන්න ඒ නිසා තමයි අප එදා කිව්වෙ විශ්වාසභංගයක් ගෙනල්ල හරි මේක වෙනස් කරන්න ඕන කියල තනි පුද්ගලයෙක් නොවෙයි එක්සත් ජාතික පක්ෂයයි රකින්න ඕන අපි කිව්ව විශ්වාසභංගය වෙන අය ගෙනල්ල තියෙනව. අප වෙන අයගෙ කොන්තරාත් කරන්න සූදානම් නෑ. පක්ෂය ප්‍රතිසංවිධානය පස්සට දාල විශ්වාසභංගය දිනාගෙන ඉමු කිව්වට හරි යන්නෙ නෑ. ආණ්ඩුව වැටෙන්න අපි දෙන්නෙත් නෑ. ආණ්ඩුව රැකගන්නට කියල එක්සත් ජාතික පක්ෂයට ශක්තියක් නැති ආණ්ඩුවක් හදල වැඩක් නෑ. ඒ ප්‍රතිසංවිධානය නොකරන්නේ නම් 4 වැනිදට අපට සිද්ධ වෙනව විශ්වාසභංගයේදී සහයෝගය පළ කරන්න. 04 වැනිදට 27 ක් විතර මන්ත්‍රීතුමන්ලා විශ්වාසභංගයට ඡන්දය දේවි. නැත්නම් එදාට නෑවිදින් ඉදීවි ඔය දෙකෙන් එකක් වෙයි.
https://youtu.be/WghlctczmYM[/embed