පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු අපේක්ෂකයින් රැසක් එජාපයෙන් ගැලවී මෛත්‍රී සෙවණට එයි
- RSL
- January 13, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- President Maithripala Sirisena, SLFP, UNP
- 0 Comments
කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පල කර තිබේ. පසුගියදා ජනාධිපති නිල නිවසට පැමිණි එක්සත් ජාතික පක්ෂ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුනිල් ලෙස්ලි කුරුවිටආරච්චි මහතා ප්‍රමුඛ 60 දෙනෙකුට ආසන්න පිරිසක් මෙලෙස සහය පල කර ඇත.
එහිදී අදහස් දක්වමින් ඔවුන් පවසා ඇත්තේ ජනාධිපතිවරයා විසින් ගෙනයනු ලබන වැඩපිළිවෙළට සහ ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට සිය සහය පල කරන බවයි. ජනාධිපතිවරයා විසින් ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය සංකේතාත්මකව පිරිනැමීමද සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

