ජනතාව මත බර පටවා අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ සැප තව වැඩි කරයි
- RSL
- October 5, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Economy, United National Party, UNP
- 0 Comments
රජය ආර්ථික අර්බුදයකට මුහුණදී ඇතැයි පවසමින් දිනපතා ජනතාව මත බදු බර පටවමින්, සීමා පනවමින් සිටින රජය අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කර ඇති පිරිසට දැනට ලබාදී ඇති දීමනා සහ වරප්‍රසාදවලට අමතරව තවත් විවිධාකාර දීමනා සහ වරප්‍රසාද සංචාර ආදිය ලබාදීමට සැරසෙමින් සිටින බවට වාර්තාවේ. මෙලෙස අධීක්ෂණ මන්ත්‍රිවරුන් ලෙස පත්කර ඇති මන්ත්‍රිවරු පිරිසක්, ඒ සඳහා ලබාදෙන වාහනය සහ රුපියල් දෙලක්ෂයක මුදල ඇතුළු අනෙකුත් වරප්‍රසාද ලබාගන්නා බවට එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් චෝදනා කරන බව එක්සත් ජාතික පක්ෂ මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම අධීක්ෂණ මන්ත්‍රි පිරිසට රට සවාරි සඳහා වරම් ලබාදීමට යන බවටද තොරතුරු වාර්තා වේ. අධීක්ෂණ මන්ත්‍රිවරු පත්කිරීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමෙන් පසු එම පත්කිරීම් සිදුනොකළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර තිබියදීත් එය නොසලකා හරිමින් මෙසේ වාහන, මුදල් ඇතුළු වරප්‍රසාද ලබා දී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි. ඇතැම් අධීක්ෂණ මන්ත්‍රිවරු වාහන දෙකක් පාවිච්චි කරන බවටද තොරතුරු වාර්තා වේ.
අධීක්ෂණ මන්ත්‍රිවරු වශයෙන් පත්කර ඇති මන්ත්‍රිවරුන්ගේ නම් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් මුදල් හිමිකරදී ඇති අධීක්ෂණ මන්ත්‍රිවරු කවුරුන්ද යන්න තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාගැනීමට එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රි පිරිසක් ක්‍රියාකරමින් සිටින බවත් වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයකුගේ සහ රාජ්‍ය ඇමැතිවරයකුගේ ආශීර්වාදය, මෙසේ රුපියල් දෙලක්ෂයක මුදල හා වාහනය ලබාගෙන ඇති අධීක්ෂණ මන්ත්‍රිවරුන් වෙත හිමිවී ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.

