එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් බිහිවන්නේ නම් එය රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍යධුරයෙන් සහ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් විය යුතුම බව එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව තීරණය කොට ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ අද(02) පැවත්වීමට නියමිතව තිබූ හමුවට පූර්ව සාකච්ඡාවක් ලෙස පැවති මෙම තීරණාත්මක සාකච්ඡාවේදී ඉන් ඔබ්බට ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් එක්ව සිදුකළ සාකච්ඡාවේදී මෙම තීරණයට පැමිණ ඇත.
රනිල් වික්‍රමසිංහ වැනි ජාත්‍යන්තරව පිළිගත් අග්‍රගන්‍යයේ නායකයෙකු මෙම දකුණු ආසියාවේවත් නොමැති බවත්, ඔහුගේ දැනුමෙන් මේ රට පමණක් නොව දකුණු ආසියාවම සංවර්ධනය කළ හැකි බව පවසා ඇති හිටපු අධ්‍යාපන අමාත්‍ය එජාප මහලේකම් අඛිල විරාජ් කාරියවසම් පෙන්වා දී ඇත්තේ අදටත්, කේම්බ්‍රිජ් වැනි ලොව අංක එකේ විශ්ව විද්‍යාලවල භාවිතා කරන්නේ අපේ නායකතුමා ලියපු පොත් පත් බවත්ය.
අපේ නායකතුමාව විරුද්ධවාදීන් විසින් මේ තරම් උත්සහ ගන්නේ ඔහුව ඔවුන්ට අභියෝගයක් නිසා වන බව ඉතා පැහැදිලියැ’යි මංගල සමරවීර එහිදී පෙන්වා දී ඇති බව අප දේශපාලන වාර්තාකරු පැවසීය.
සජිත් ප්‍රේමදාසගේ පාර්ශවයෙන්ද රනිල් ඉදිරි මැතිවරණ සඳහා නායක්ත්වය මෙහෙය වීම සම්බන්ධයෙන් කිසිඳු විරෝධත්වයක් ඉල්ල වී නොමැති අතර ඔහුව තවදුරටත් ශක්තිමත් කිරීමට පුර්ණ එකඟතාවය හිමිව තිබීම විශේෂය.
එසේම ජනාධිපතිවරයා කවරාකාරයෙන් රනිල්ගෙන් තොර ආණ්ඩුවක් එක්සත් ජාතික පෙරමුණට ලබාදීමට උත්සහ ගත්තද එය එකහෙළා ප්‍රතික්ෂේප කිරීමට මෙහිදී සියල්ලන් ඒකමතික තීරණයකට පැමිණ ඇත.
කෙසේ වෙතත් අද(02) එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ජනාධිපතිවරයා විසින් හදිසියේම හෙට(03) රාත්‍රිය දක්වා කල්දැමීමට තීරණය කළේය.