හිටපු අමාත්‍යවරුන් වන අතාවුද සෙනෙවිරත්න, ඩබ්ලිව්. බී. ඒකනායක යන මහත්වරු ඊයේ (02) දින එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා සමග එක්වූහ.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම දෙදෙනා සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය දක්වන බව ප්‍රකාශ කළහ.
අතාවුද සෙනෙවිරත්න මහතා සබරගමුව පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙසද පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙසද එක්සත් ජනතා නිදහස් සන්ධාන යටතේ මහින්ද රාජපක්ෂ රජයේ කැබිනට් ඇමැතිවරයකු ලෙසද කටයුතු කර ඇත.
ඩබ්ලිව්. බී. ඒකනායක මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ සහ ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙසද කටයුතු කළ අතර එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වී පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්විණි.