රාජපක්ෂලාට පක්කිලිකම් කරන දුම්රිය වෘත්තීය සමිති ඒජන්තයින් නිසා දුම්රිය සේවකයින්ගේ රැකියා අනතුරේ

Spread the love

වත්මන් රජය විසින් සියලු විෂමතා ඉවත්කොට රාජ්‍ය සේවයකින්ගේ වැටුප් 107%කින් වැඩිකොට ඇති පසුබිමක් තුළ රාජපක්ෂලාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඔවුන්ට පක්කිලි කම් කරන වෘත්තීය සමිති ඒජන්තයින් හරහා ක්‍රියාත්මක දීපව්‍යප්ත වැඩ වර්ජන මාලාවට සමගාමීව සිදුවන දුම් රිය වැඩ වර්ජනයගේ නිරත සේවකයින්ට එරෙහිව රජය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කොට තිබේ.

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අදාල ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඊට අදාල ලිපි ලේඛණ මේ වන විට ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති අතර අද පෙරවරුවේ එම ලිපි ලේඛනවලට අත්සන් කරන බවට ජනාධිපතිවරයා එකඟතාව පල කළ බවයි.

වැටුප් වැඩිවිම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති අතර ඔහුගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලබාදී තිබියදී තවදුරටත් වැඩවර්ජනයේ නිරතවීම අසාධාරණ බව අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේය.

කෙසෙස්වෙතත් අද දිනය තුළ සේවයට වාර්තා නොකරන සේවකයින් සේවය හැරගියා සේ සලකන බවයි වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ.

අද දිනයේ සිට දුම්රිය ඉංජිනේරුවරුන්ගේ සහයෝගය මත දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බව දුම්රිය ඉංජිනේරු සංගමය පවසයි.

එම සංගමයේ සභාපති අශෝක මුණසිංහ මහතා සඳහන් කළේ අද දිනය තුළ කාර්යාල දුම්රියන් ධාවනය කිරීම මූලික අරමුණ වී ඇති බවයි.

මේ අතර වර්ජනයේ නිරත දුම්රිය රියැදුරු, නියාමක, පාලක, ස්ථානාධිපති සහ අධීක්‍ෂණ කළමනාකාර ඇතුළු ශ්‍රේණිවල සේවකයන් සේවය හැර ගියා සේ සලකා ලිපියක් යොමු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ 2500කගේ වැටුප් විසමතාව නිසා මගීන් ලක්ෂ ගණනක් දැඩි දුෂ්කරතාවයට පත්වී ඇත. දුම්රිය ස්ථානාධිපතිවරු දාහක් පමණද, දුම්රිය රියදුරන් පන්සියයක්පමණද, නියාමකවරුන් පන්සියයක් පමණද,පාලකවරුන් හා ෆෝමන් වරු පන්සියයක් පමණ පිරිසක් කාලයක් තිස්සේ විටින්විට පවත්වාගෙන යන වැටුප් ප්‍රශ්නය නිසා දුම්රිය දෙපාර්තුමේන්තුව දැඩි අර්බුදයකට පත්වී ඇතැයිද එහි ජේෂඨ නිලධාරීයකු පැවසුවේය.

මොවුන් ගේ මෙම ක්‍රියා කලාපය නිසා අහිංක කාර්යාල බලා ගමන්ගන්නා මගීන්ද, වෙනත් රාජකාරී සදහා ගමන් ගන්නා මගීන්ද දැඩි අපහසුතාවයකට පත්වී තිබේ. මාසික වාර ප්‍රවේශ පත්‍ර ලබාගෙන දුම්රියේ ගමන් කරනා අය ආර්ථික අපහසුතාවයකට පත්ව තිබේ. තවත් සමහරු දුම්රියෙන් එක් එක් පලාත්වල තම අවශ්‍යතා සදහා ගමන් කිරීමට දුම්රිය ආසන වෙන්කරවාගෙන ඇත .

අද ඔවුන්ගේ කාර්යයන් අවුල් වී ‍ගොස් තිබේ . සුළු පිරිසකගේ වර්ජනයක් හේතුවෙන් අහිංසක ජනතාව විශාල වශයන් දැඩි පීඩාවන්ට පත්ව ඇතැයි ජනතාව මැසිවිලි නගති.

RSL

Related Posts