දුම්රිය: සාකච්ඡා අසාර්ථකයි, වර්ජනය ක්‍රියාත්මකයි; විදුලිය: අකුරට වැඩ
- RSL
- May 8, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Train Strike
- 0 Comments
අද මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර ඇති දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන බලධාරීන් අතර පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
අද(08) පෙරවරු 10.00 ට පැවති අදාළ සාකච්ඡාව සඳහා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සහ ප්‍රවාහන අමාත්‍ය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මෙන්ම වෘත්තිය සමිති නියෝජිතයින් සහභාගී වූ බව සඳහන්ය.
කෙසේවෙතත් එම සාකච්ඡාවේදී සිය ඉල්ලිම්වලට සාධනීය පිලිතුරක් නොලැබීම හේතුවෙන් සැලසුම් කර ඇති වර්ජනය ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබේ.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය ද අද(08) දිනයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත විමට තිරණය කර තිබේ.
එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා සඳහන් කළේ අද පස්වරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි.

