රටේ ස්ථාවරත්වය වෙනුවෙන් ජනාධිපතිවරයා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට අවශ්‍ය පූර්ණ සහය ලබාදෙනවා

Spread the love

අනෙකුත් සියලු දේශපාලන පක්ෂවල සහයෝගය ඇතිව රටේ දේශපාලන තත්ත්වය ස්ථාවර කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරියේදී ගන්නා ඕනෑම පියවරකට දෙමළ ජාතික සන්ධානය පූර්ණ සහයෝගය දෙන බවද දෙමළ ජාතික සන්ධානය අද(07) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

“දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෛක්කලනාදන්, ඩී. සිද්ධාර්ථන්, සහ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරු ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් ජනාධිපතිවරයා හමුවූහ. මෙම හමුව සිදුවූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනාවක් අනුවය. ජනාධිපතිවරයා සහ මන්ත්‍රීවරුන් පිරිස අතර හමුව පැය එකහමාරකට ආසන්න කාලයක් පැවතුණි.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කෙරිණි. තමන් ගත් තීරණ සහ ඒවාට හේතු වූ කරුණු ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළේය. එමෙන්ම දෙමළ ජාතික සන්ධානය ගන්නා ලද තීරණ සහ ඒවාට හේතු වූ කරුණුද අපේ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාට පැහැදිලි කරනු ලැබීය. එම තීරණ දැනටමත් ප්‍රසිද්ධියට පත්ව ඇති බවත් රටේ සියලු දෙනාත් ලෝකයත් එම තීන්දු තීරණ ගැන පත්වී අපි ජනාධිපතිවරයාට පැහැදිලි කළෙමු. දෙමළ ජාතික සන්ධානය ගත් තීරණ වෙනස් කළ නොහැකි බවත් අපි එම තීරණවලට අනුව ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයාට දැන්වූවෙමු.

අනෙකුත් සියලු දේශපාලන පක්ෂවල සහයෝගය ඇතිව රටේ දේශපාලන තත්ත්වය ස්ථාවර කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරියේදී ගන්නා ඕනෑම පියවරකට දෙමළ ජාතික සන්ධානය පූර්ණ සහයෝගය දෙන බවද අපි එහිදී ජනාධිපතිවරයාට දන්වා සිටිමු. ඒ සඳහා හැකි ඉක්මනින්, හැකිනම් ප්‍රකාශ කළ දිනයට පාර්ලිමේන්තුව කැඳවන ලෙස ද අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියෙමු. අපේ ඉල්ලීම ඉතා ඕනෑකමින් සලකා බලන බව ජනාධිපතිවරයා අපට දන්වා සිටියේය.”

RSL

Related Posts