ඊනියා ඒකාබද්ධ විපක්ෂයෙන් තිස්ස විතාරණ එළියට එයි
- RSL
- February 1, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- Mahinda Rajapaksa, news, reports
- 0 Comments
ගමනක් ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පමණක් බවත් වෙන ම පක්ෂ හදා ශ්‍රී.ල.නි.ප. ය දුර්වල කළ යුතු නැති බවත් ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ පවසා ඇත.
සන්ධානය සමඟ සිටි බහුතරයක් පක්ෂ වෙන ම විපක්ෂයක් සෑදීමට එකඟ යැ යි මහින්ද කල්ලිය කියා සිටියත් තිස්ස විතාරණගේ ප්‍රකාශයෙන් හෙළිවන්නේ එය පිටුපස සිටින්නේ විමල් වීරවංශ සහ ගම්මන්පිළ ප්‍රමුඛ පිරිසක් පමණක් බව යි.
කෙසේ වෙතත් පැරණි වමේ පක්ෂයක් වන ලංකා සම සමාජ පක්ෂයට ශ්‍රී.ල.නි.ප. ය සමඟ ඇත්තේ දශක පහකටත් එහා ගිය හවුලේ කෑමේ ඉතිහාසයක් බැවින් ඔවුන් වෙනත් පක්ෂයක් සෑදීමට එකතු නොවෙනු ඇති. එසේ ම ආරංචි මාර්ග හෙළි කරන්නේ දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ ද නුදුරේ දී ම ශ්‍රී.ල.නි.ප.ය සමඟ එක් වනු ඇති බව ය.
