දෙපැත්තේ අය මොන කතා කිව්වත්, ඇත්තටම තවමත් ජනාධිපති අපේක්ෂකයා තීරණය කොට නැහැ – තිලංග ඇත්තම සිද්ධිය කියයි

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අය දේශපාලන වේදිකාව තුළ කවර ආකාරයේ ප්‍රකාශ සිදුකළද සත්‍ය වශයෙන්ම පක්ෂය දෙකම නියෝජනය කරමින් ඉදිරිපත් වන පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්න මෙතෙක් තීරණය කොට නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අද (26) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ ගෝඨාභය රාජපක්ෂය විසින් ඔහු ජනාධිපති අපේක්ෂකයා කියන පසු බිමක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සිදුවන සාකච්ඡා බොරුවට සිදුවන්නක් දැයි මෙහිදී මාධ්‍යවේදීයෙකු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග මන්ත්‍රීතුමාගෙන් ප්‍රශ්න සිටියේය.

එහිදී එම සාකච්ඡා සඳහා සහභාගීවන ප්‍රධානීයෙකු සහ මෙම සන්ධානයේ ප්‍රබලයෙකු කටයුතු කරන තිලංග සුමතිපාල මහතා විසින් ඊට ලබාදුන් පිළිතුර