තිලංග සුමතිපාලව දෙවන වරටත් ICC දූෂණ විමර්ශන ඒකකයට කැඳවයි
- RSL
- September 26, 2017
- ක්‍රීඩා, විමර්ශන
- Sri Lanka Cricket, Sri Lanka Cricket Board, Sri Lanka Cricket Board Corruption, Thilanga Sumathipala
- 0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ(25) දෙවන වරටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) දූෂණ විමර්ශන ඒකකයට කැඳවා තිබූ බවට වාර්තාවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි වාර්තාවන දූෂණ හා අක්‍රමිකතා විමර්ශනය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පත්කර ඇති දූෂණ විමර්ශන ඒකකය මීට දින ගණනාවකට පෙර ශ්‍රී ලංකා ආයතනයේ දූෂණ හා අක්‍රමිකතා විමර්ශන කටයුතු අරඹා තිබුණද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එය මාධ්‍යවලින් වසන් කොට ඇති බවටත් වාර්තාවේ.
කෙසේ වෙතත් ඊයේ (25) දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තිලංග සුමතිපාල මහතා දෙවන වරටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) දූෂණ විමර්ශන ඒකකයට කැඳවා දිගින් දිගටම ප්‍රශ්න කර ඇතිබවට අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සමඟ සනත් ජයසූරිය, මොහාන් ද සිල්වා, ගොස්ෆි දා බරේ සහ ඇෂ්ලි ද සිල්වා යන අයත් ඊයේ දිනයේ ප්‍රශ්න කිරීම් සඳහා කැඳවා ඇත.
ජාත්‍යන්තර තරගවලදී සකසන තණතීරු, කාසියේ වාසිය, කණ්ඩායම තේරීම, කණ්ඩායම සමග සිටින බාහිර පුද්ගලයන් සහ අදාළ නිලධාරීන්ට සෘජුවම වාර්තා වන සිද්ධීන් අනුව රැස් කරගත් වාර්තා සමග අයි.සී.සී. දූෂණ විමර්ශන ඒකකය පරීක්ෂණ සිදු කරයි.
දිගින් දිගමට ශ්‍රී ලංකා ක්‍රිකට් කාණ්ඩායමේ පරාජයන් සහ පිරිහීමත්, තරඟ පාවා දෙන බවට නැඟෙන චෝදනාත් මේ වන විට දේශීය සහ විදේශීය අවධානය යොමුව ඇති අතර ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීම සඳහා ‘ජනාධිපති කොමිසමක්’ පත්කිරීමට නියමිත බවද වාර්තාවේ.

