අතරමැදියන් නොමැතිව කෙළින්ම ‘ජනපතිට කියන්න’ පුළුවන් ක්‍රම මෙන්න!

Spread the love

tell-presidentඅතරමැදියන් නොමැතිව රටේ ජනතාවගේ ගැටළු, දුක්ගැනවිලි හා යෝජනා සෘජුවම ජනාධිපතිවරයාට යොමු කළ හැකි ක්‍ර‍මයක් ඊයේ (ජනවාරි 08) ආරම්භ කරන ලදී.

‘‘ජනපතිට කියන්න” නම් මෙම වැඩසටහනේ දී ඕනෑම දුරකථනයකින් 1919 අමතා තමන් කැමති භාෂා මාධ්‍ය තෝරාගෙන අංක 02 ට යොමු වීමෙන් සෘජුවම ජනාධිපතිවරයාගේ කාර්යාලයේ නියෝජිතයකු හා සම්බන්ධ වීමට පහසුකම් සපයා ඇත.

එසේම ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවි හා නිල සමාජ ජාල ඔස්සේ ද ජනාධිපතිවරයාට සෘජු පණිවිඩ පහසුවෙන් යොමු කිරීමට මේ වැඩසටහනෙන් පහසුකම් සපයා ඇත. http://tell.president.gov.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඉතා පහසුවෙන් තමන්ට ඇති ගැටළු, දුක්ගැනවිලි හා යෝජනා ජනාධිපතිවරයා වෙත යොමු කිරීමේ පහසුකම් සපයා ඇත.

තවද ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් ජනාධිපතිවරයා වෙත සෘජුව ලිපියක් යොමු කිරීමේ හැකියාවද පවතී. ඒ “තැ.පෙ.123, කොළඹ” යන ලිපිනයට යොමු කිරීම මඟිනි.

එසේම විද්‍යුත් තැපෑල මඟින්ද ජනාධිපතිවරයා වෙත තම ගැටළු, දුක්ගැනවිලි හා යෝජනා යොමු කිරීමේ අවස්ථාව පවතින අත ඒ සඳහා tell@presidentsoffice.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු වේ.

ස්මාර්ට් දුරකථන භාවිතා කරන පුද්ගලයකුට තමන්ගේ ගැටළුවක්, යෝජනාවක් හෝ මග තොටේදී දකින් දෙයක් හෝ ගැටළු කාරී තත්ත්වයක්, ලිඛිතව, ඡයාරූප හෝ වීඩියෝ දර්ශන හෝ සමග මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට හැකියාව ඇති ස්මාර්ට් යෙදවුමක් (Mobile App) මෙම වැඩසටහනේ දී ඇත.

‘‘ජනපතිට කියන්න” විශේෂ වැඩසටහන ජනතාවට හදුන්වා දී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්ව වසරක් පිරීම නිමිත්තෙනි.

RSL

Related Posts