පවතින කාලගුණය සමඟ සෞඛ්‍ය අවදානමක්!
- RSL
- April 2, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- 0 Comments
සුළඟේ වේගය අඩුවීම ඇතුළු කාලගුණ සංසිද්ධි කිහිපයක් හේතුවෙන්, පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය ලබන මස අග දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක පැවසුවේ, පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් සිරුරට අහිතකර බලපෑම් එල්ල විය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ අතර දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, කායික රෝග විශේෂඥ වෛද්‍ය දිල්හාර් සමරවීර පැවසුවේ, අධික හිරු රශ්මිය හේතුවෙන් පහසුවෙන් ම සිරුර විජලයට හෙවත් වියළි තත්ත්වයට පත්විය හැකි බවයි.
අධික හිරු රශ්මිය හේතුවෙන් මතුවන අපහසුතා මග හරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ද ඔහු සඳහන් කළේ ය.
අහිතකර බලපෑම්වලින් වැළැකීම සඳහා දිනකට ජලය ලිටර් 03 කට ආසන්න ප්‍රමාණයක් පානය කරන සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

