එජාපයේ දේශපාලන පත්වීම් 5000ක් ජනපති නවතා දැමූ හැටි

උපාධිධාරීන් පන්දහසකට රජයේ පත්වීම් ලබා දීම සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා පසුගියදා පැවැති කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ කැබිනට්‌ පත්‍රිකාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්හිටුවනු ලැබ ඇතැයි ආණ්‌ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම පත්වීම් ලබා දීම නිසි ක්‍රමවේදයකට සිදුකර නැති බවත් දේශපාලන මැදිහත්වීමකින් තොරව වඩාත් විනිවිදභාවයකින් යුතුව යළි එම ලැයිස්‌තුව සකස්‌ කරන ලෙසත් ජනාධිපතිවරයා එහිදී …

Continue Reading

එජාපයේ 15ක් ස්වාධීන වෙයි! රනිල්ට එරෙහිව එජාපයෙන්ම විශ්වාසභංගයක්!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව ක්‍රියා කිරීමට තීරණය කර ඇති බව දේශපාලන වාර්තාකරු සදහන් කලා. ඒ අනුව හෙට,අනිද්දා හෝ ලබන 15 වැනිදා සිට මෙම කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස ක්‍රියා කිරිමට නියමිත අතර එම තින්දුවට ආසන්නම හේතුව වි ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ ආකාරයට පක්ෂයේ නායකයාගේ …

Continue Reading

සිරිකොතේ රහස් සාකච්ඡාවක්

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් පසුගියදා “සිරිකොත” එම පක්ෂයේ මූලස්ථානයේදී රහස් සාකච්ඡාවක් පවත්වා ඇත. ඊට සහභාගී වූ බහුතරය රනිල් හිතවාදීන් වන අතර මෙහිදී එජාපයේ ඉදිරි මැතිවරණ සැලසුම් සහ පක්ෂය තුළ රාජකීයන්ගේ විධායක බලය අභියෝගයකින් තොරව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇත. ඒ අනුව එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමැතිවරු පිරිසකට අපේක්ෂක වරම් අහිමි වීමේ අවදානමක් නිර්මාණය …

Continue Reading

රවිට එරෙහි චෝදනා දෙසතියක් තුළ ගොනු කරන ලෙසට ඉල්ලීමක්

එක්සත් ජාතික පක්ෂ උප නායක රවි කරුණානායක මහතාට එරෙහිව චෝදනා ඇත්නම් සති 2ක කාලයක් ඇතුළත චෝදනා ගොනු කරන ලෙස ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරු ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇත. හිටපු මුදල් අමාත්‍ය රවි කරණානායක මහතාගේ නම සඳහන් වූ ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර මාස 4ක් ගත …

Continue Reading

දෙවන පෙළ නායකත්වයක් සමඟින් එජාපයෙන් උද්වේගකර මැයි සැමරුමක් (Videos)

එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ නායකත්වය කල එළි දක්වමින් එම පක්ෂයේ මැයි සැමරුම ඊයේ(06) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීය. මෙවර මැයි රැළියක් නොතිබුණු අතර එය මැයි දින සැමරුමකට පමණක් සීමා කර තිබුණි. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නව දෙවන පෙළ නායකයින්ගේ සහභාගීත්වය සහ ඔවුන්ට ලැබුනු පිළිගැනීම කැපී පෙනුණු අතර එජාපයේ ප්‍රබලයින් පිරිසක් මැයි දින සැමරුමට එක් නොවීමද කැපී පෙනුණි. වසර පහක්‌ …

Continue Reading

නිවට නොවී එජාපය තනි ආණ්ඩුවක් හදන්න හදයි

තනි ආණ්ඩුවක් සෑදීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබියදි වෙනත් පක්ෂයක් ළඟ දනින් වැටීම නිවට කමක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට යාම ආණ්ඩුවට වඩා රටට බලපෑමක් ඇති කරන බවත් පසුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතිවූ විපර්යාස නිසා එම පක්ෂය කොටස් 3ට කැඩී …

Continue Reading

රනිල්ගෙන් සජිත්ට ආරාධනයක්!

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එළියට ඇවිත් රටවටා ගොස් ජනතා ප්‍රශ්න විසඳීමට සුදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රකාශ කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දි ‍ඊයේ පෙරවරුවේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් විය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් විය යුතු බවට …

Continue Reading

රනිල්ට එරෙහි විශ්වාසභංගයට කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඒකමතික තීන්දුවක්

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29) ඒකමතිකව තීරණය කළේය. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළ පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනකුද විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බව කෘත්‍යාධිකාරී මණ්ඩ රැස්වීමේදී අනාවරණය විය. විශ්වාසභංගය ජයගත් පසුව අප්‍රේල් 05 වැනිදා සිට දින තුන හතරක් ඇතුලත පක්ෂයේ ප්‍රතිසංවිධානය සිදු කිරීමටද මෙහිදී …

Continue Reading

රනිල් එජාප මන්ත්‍රීවරුන්ව හිර කරයි

මේ වන විට අගමැතිධුරයේ රැඳී සිටින රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංගයක් පැවැත්වෙන බැවින් අප්‍රේල් 6 වෙනදා තෙක් සියලුම ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විදේශ ගමන් තහනම් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි. අප්‍රේල් පලවෙනිදා වන විට ආණ්ඩුපක්ෂයේ විදේශ ගතව සිටින සියලු මන්ත්‍රීවරුන් මෙරටට පැමිණෙන බවත් ඔවුන්ට අප්‍රේල් 2-6 දක්වා විදේශ ගමන් තහනම් බව වැඩිදුරටත් ඒ මහතා සඳහන් කර තිබේ. අද(27) …

Continue Reading

විශ්වාසභංගයට එජාප මන්ත්‍රීවරු 27කගේ සහාය

අප්‍රේල් 4 වැනි දිනට පෙර එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධානයක්‌ නොකරන්නේ නම් එදින විශ්වාසභංගයේදී එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරු 27 ක්‌ පමණ විශ්වාසභංගයට සහාය පළ කරන බව රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා ඊයේ (26) පැවසීය. ඒ අනුව එදින එම මන්ත්‍රීවරුන් විශ්වාසභංගයට සහාය පළ කිරීම හෝ නොපැමිණ සිටීම යන දෙකෙන් එකක්‌ සිදු වනු ඇතැයි ද රංගේ ඇමැතිවරයා කීවේය. ආණමඩුවේදී පැවැති ජනහමුවකදී ඇමැතිවරයා …

Continue Reading