ගීතා ඇතුළු රාජ්‍ය ඇමැති 05ක් ගැන ජනපති ගත් තීන්දුව

වහාම ක්‍රියාත්මක වන පරිදි ගීතා කුමාරසිංහ ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි. ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී චානක ඉවත් කළ සෙසු පිරිස අතර වෙති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය යටතේ මෙම ඉවත් කිරීම් සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

Continue Reading

ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට කැබිනට් අනුමැතිය

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ගංවතුර ඇතුළු ආපදා තත්ත්වයන්ගේ බලපෑමට ලක්වූ කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට ආහාර පාන සැපයීම සහ අත්‍යාවශ්‍ය සේවාවන් සලසා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ඊයේ (03) රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. ජනාධිපතිවරයා ඊයේ දිනයේ කොළඹ …

Continue Reading

ජන ගැටලු විසඳන්න ජනපති ගමට යයි

ඒ ඒ දිස්ත්‍රික්කවල ජන ගැටලුවලට කඩිනම් විසදුම් දීමේ අරමුණින් සංවිධාන කෙරෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාවේ පළමුවැන්න ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම හෝමාදොළ රාජගිරි ලෙන් විහාරස්ථානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ පැවැත්විණ. සංඛ්‍යා ලේඛන අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ දුප්පත්ම ග්‍රාමයක් වන උඩුගම, හෝමාදොළ, කොතලාවලපුර ග්‍රාමය ජනාධිපතිතුමා විසින් තොරා ගනු ලැබීය. මෙලෙස පැවැත්වෙන දිස්ත්‍රික් කමිටු රැස්වීම් සඳහා වැය වන මුදල් …

Continue Reading

දක්ෂිණ අධිවේගයේ අවසන් අදියර ජනතා අයිතියට

හම්බන්තොට වරාය, මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ හා වාණිජ අගනුවර වන කොළඹ  සම්බන්ධ කෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ අවසන් අදියර වන පාලටුව සිට බරවාකුඹුක දක්වා කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (23) ජනතා අයිතියට පත් කෙරිණ. ගොඩගම පාලටුව  අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසළදී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු පිරිස පාලටුව සිට දක්ෂිණ අධිවේගය ඔස්සේ බරවාකුඹුක දක්වා …

Continue Reading

ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කෙරේ

ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා  රජයට උපදෙස් දීම සහ සහාය වීම පිණිස ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව තමා වෙත පැවරි ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්කොමිෂන් සභාව ස්ථාපනය කර තිබේ. මේ සමග 2019 මාර්තු 18 දින සහ වරින් වර සිදුකරන ලද සංශෝධන මගින් පිහිටුවන ලද ජාතික වැටුප් හා සේවක …

Continue Reading