අනුර දිසානායක -හැරවුමට කාලය පැමිණ තිබේ !

වයස සහ අත්දැකීම් අනුව මිනිසුන්ගේ අදහස්, අවස්ථාවන් හා අගයන් වෙනස්වීම පිළිබඳ මා කියවූ විශිෂ්ඨතම කෘතිය අබ්දුල් කලාම් ගෙ ජීවිත කතාව — Turning point, A journey through challenges යි.  ආසියාතික දේශපාලනයේ හැරවුම් ලකුණ නමින් සිංහලට පරිවර්ථනය වු මේ පොතේ, කලාම් තමන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය හතක් ගැන කතා කරනවා. කලාම් ඉපදුනේ 1931. ඔහු අවුරුදු 30 දී ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ රොකට් තාක්ෂණික …

Continue Reading

උපයන විට ගෙවන බද්ද, ආර්ථික විද්‍යා සහ දිව්‍ය ලෝකය

මෙම ප්‍රවෘත්තියක් හා විශේෂාංගයක් ලෙස කොටස් දෙකකින් යුතුය.  අද බදු පැනවීම ගැන ඉලක්කම් විද්‍යාව මෙහි ඇත. දෙවන කොටස එහි බලපෑම ගැන උපහාසාත්මක කතාවකි.  කැමති විදිහකට පළ කලාට කම් නැත.  ඇමුණුමේ ඇත්තේ පසුගිය රජය විසින් උපයන විට ගෙවන බද්ධ රු. 150,000 ට අප්‍රේල් මස සිට අඩු කිරීමට ගත් කැබිනට් තීරණය යි.   රජය බදු සහන කිහිපයක් නිවේදනය කර ඇත. උපයන විට …

Continue Reading

ජනතා අභිලාෂයන් ඉටුකරන නව දේශපාලන සංස්කෘතියක් බිහිකරමු

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ මෙරට මුල් බැසගත් දේශපාලන රාජාවලියේ වෙනසක් හා පරිවර්තනයක් දැකීමට ශ්‍රී  ලාංකිකයෝ කලක සිට බලා සිටිය හ. ඒ උදෙසා අවස්ථා කිහිපයකදීම තරුණ ප්‍රජාව ගත් උත්සාහයන් අතිබිහිසුණු ලෙස මර්දනයට පත් කළ බව නොරහසකි. එය කෙතරම් භයංකාරවී ද යත් එවැනි එක් අවස්ථාවක මම රැකියාවට ගොස් සිටියෙමි. එදවස මා වෙත සෝවියට් සමූහාණ්ඩුවේ මෙරට තානාපති කාර්යාලය හරහා ‘සමාජවාදී න්‍යාය හා …

Continue Reading

ආබාධ නැති දරුවන් බිහි කිරීමට පියවරුන් මත්පැන් භාවිතය පාලනය කළ යුත්තේ ඇයි?

මවක පානය කරන්නේ මොනවා දැයි යන්න කෙරෙහි අවධානය යොමු කිරීම හේතුවෙන් පියෙකුගේ මත්පැන් පානය ගැන අවධානය යොමු වීම දැනට බොහෝ කලක සිට යටපත් වී තිබේ. නමුත් නව පර්යේෂණවලින් පසුව එය වෙනස් විය හැකි ය. ගර්භණී සමයේදී මත්පැන් පානය කිරීමේ අවදානම සම්බන්ධයෙන් වසර 50කට වැඩි කාලයක් පුරා විද්‍යාඥයින් විසින් කාන්තාවන්ට අනතුරු අඟවා තිබේ. මවක සතියකට එක් වරක් හෝ මත්පැන් වැනි පානයකින් …

Continue Reading

‘උරුමය‘ ගැන නිල පැහැදිලි කිරීමක්

වසර දෙකක් තුළ මෙරට ක්‍රියාත්මක විප්ලවකාරී වැඩසටහන ‘උරුමය’ වැඩසටහනයි – ඉඩම් කොමසාරිස් ජනරාල්. ඉඩම් හිමිකම් නිරවුල් කිරීම උතුරු/ නැගෙනහිර 70% ක් සහ අනෙකුත් පළාත්වල 99% ක් අවසන් – ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්. සියලු ඉඩම් හඳුනා ගැනීමත් එම ඩිජිටල් දත්ත පද්ධතියකට ඇතුලත් කිරීමත් සිදු කර අවසන් – ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඉඩම් පරිහරණ සැලසුම් …

Continue Reading

‘අපි තමා රාජ්‍ය සේවකයින්ට හොදටම කළේ ‘ – රාජ්‍ය පරිපාලන ලොක්කෝ කියන කතා

ඒ වෙනුවෙන් ජනපතිගේ උපදෙස් ඉවහල් වුණා – ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත. රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය තනතුරු පුරප්පාඩු ක්‍රමානුකූලව පිරවීමට කටයුතු කළා – අතිරේක ලේකම් (රාජ්‍ය පරිපාලන) සහ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා රජයේ නිවාඩු නිකේතන සහ සංචාරක බංගලා ලබා දීමට කටයුතු කරනවා – අතිරේක ‍ලේකම් (අභ්‍යන්තර පාලන). ගම්පහ නිල පියස ව්‍යාපෘතියේ සියළුම නිවාස ඒකක නිවාසලාභීන් වෙත …

Continue Reading

ජනපති ධූර කාලය පිළිබඳ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ ඇයි ? එරාන්ට ඇති සැකය කුමක්ද ?

ජනපති ධූර කාලය පිළිබඳ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ මැතිවරණය කල් දැමීමට දැයි සැකයක් මතු වෙනවා – ඉරාන් වික්‍රමරත්න ජනාධිපතිවරණය පිළිබඳව නීති ක්‍රියාත්මක කිරීමේදී කිසිදු අවුල් සහගත තත්ත්වයක් නොතිබියදී මේ මොහොතේ අනවශ්‍ය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබීම ජනාධිපති මැතිවරණය කල් තැබීමට දැයි  ජනතාව තුළ මෙන්ම නීතිශේත්‍රයේ සිටීආන අය තුළද  සාධාරණ සැකයක් හටගෙන තිබේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය ගැනීම සම්බන්ධයෙන් බ්‍රහස්පතින්ඥා පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදය අමතමින් ස.ජ.බ. පාර් ලිමේන්තු මන්ත්‍රී මෙසේ පැවසීය. එහිදී වැඩි දුරටත් කතා කළ හෙතම මෙසේ ද කීය විශේෂයෙන්ම ජනාධිපතිවරණය ළං වෙලා තියෙන මේ වෙලාවේ මේ ව්‍යාකූලත්වය ඇති කරන්නේ ඇයි කියලා මම ජනාධිපතිතුමාගෙන් අහන්න ඕන. අපි කවුරුත් දන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වන පරිදි ජනාධිපති ධුර කාලය වසර පහක් බව ඔහු අනවශ්‍ය ව්‍යාකූලත්වයක් සහ අනවශ්‍ය වාද විවාද ඇති කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එම නිශ්චිත වගන්තිය සංශෝධනය කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලය තීරණය කිරීමේ අවශ්‍යතාවක් නොමැත. නීතිය ක් අනිවාර්යයෙන්ම සැමට එක හා සමාන ලෙස ක්‍රියාත්මක කළ යුතුයි එහිදී ම ඉහළ ස්ථාරයේ සිටින අයට එක් විදිහටත් පහළ ස්ථරයේ සිටින්නන්ට තවත් විදිහකටත් අපේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීම අනුමත කළ නොහැකි යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාන් වික්‍රමසිංහ මහතා පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තියේ ජනාධිපති දූර කාලය ේ වසර හයක් බව පැහැදිලිව සඳහන් කර තිබේ. දහනම වන සහ විසි එක්වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධූර කාලය වසර පහක් යයි සඳහන් කර තිබියදීත් අවිනිශ්චිතභාවයට තුඩු දුන් අදාළ තිස්වන වගන්තිය  සංශෝධනය නොකළේ ඒ සඳහා ජන මත විචාරණයක් කින් මහජනතාවගේ අනුමැතිය ලබා ගත යුතු වන බැවිනි. වත්මන් රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ දෙපාර්ශවය තමන්ට ත් ඉදිරියේදී ජන වරමක් ලැබේවි දැයි යන සැක සාංකාව හේතුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් නොකරමින් සිටිති. මෙම සංදර්භය මත ක් ජනාධිපතිවරණය පිළිබඳව අවුල් සහ අවිනිශ්චලතභාවයක් කරනු වස් මෙම වගන්තිය සංශෝධනය කිරීම පිළිබඳව රජයේ පාර්ශ්වයන් විවිධ අවස්ථාවන්හිදී ම තුන්වතාවක්ම ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබේ. අවසන් වරට  ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මූලික අයිතිවාසිකම් පනත යටතේ විමසූ විට එම පෙත්සම  නිෂ්ප්‍රභා කළා පමණක් නොවේ එම පෙත්සම ඉදිරිපත් කළ පුද්ගලයාට එරෙහිව රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කරනු ලැබීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ජනාධිපති වරයාගේ දූර කාලය පිළිබඳ ව සංශෝධනයක් ඉදිරිපත් කළ යුතු නම් අනිවාර්යෙන්ම එය ජනමත විචාරණයකට ලක් කළ යුතු වෙනවා. කිසිදු අවශ්‍යතාවයක් පැන නො නගින මේ අවස්ථාවේදී ජනාධිපති දුර කාලය පිළිබඳ ව තිබෙන්නා වූ අවිනිශ්චිත ප්‍රතිපාදනයක් අලලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන මුවාවෙන් ජනාධිපතිවරණයක් කල් තැබීමේ කූට උපායක යින් රජය නිරත වී සිටින්නේ දැයි සාධාරණ සැකයක් හට ගෙන තිබේ. අවශ්‍යතාවයක් වුවහොත් ජනමත විචාරණයක් පැවැත්වීමට අය වැයෙන් මුදල් වෙන් කර තිබෙන බවට රජයේ පාර්ශ්වයෙන් අමාත්‍යවරු  කිහිප දෙනෙක් ප්‍රකාශ කළහ. පළාත් පාලන මැතිවරණයටද අය වැයෙන් මුදල් වෙන් කර තිබියදී පවා නාම යෝජනා කැඳවීමෙන් පසුවද රජය එම මැතිවරණය නොපවත්වා  සිටින්නේ යයි වික්‍රමරත්න මහතා රජයට චෝදනා කළේය. ජනාධිපති ප්‍රමුඛ මෙම රජය විවිධ ප්‍රකාශ හා පොරොන්දු වෙන මෙවැනි දුෂණ හා සොරකම් වලට ජනාධිපතිවරයා ඉඩ දී තිබීම ලජ්ජා සහගතයි.වත්මන් ජනාධිපතිතුමාට සිය ධූරයේ ඉටුකිරීමට බොහෝ  කටයුතු  ඉතිරිව තිබෙන නමුත් එම බැඳීම් පිළිබඳ පොරොන්දු දෙනවා විනා ශ ඉටුකරන්නේ නැත. දැන් ජනමත විචාරණයක් පිළිබඳව කතාබහ කලද මුලදී පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරණය නොපැවත් වීමට හෝ කාලය දීර්ඝ කිරීමට තිරෙන් පිටුපස විවිධ උත්සාහ දැරුවා. අපගේ පාර්ලිමේන්තු ඉතිහාසයේ බලයේ සිටින පක්ෂයට ඕනෑ විදිහට දේශපාලන හා රාජ්‍ය පාලනයේ ව්‍යූහයන් වෙනස් කළ ඉතිහාසයක් තිබෙනවා. 1970 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 151යි. පසුව එය 168 ට  වැඩි කළා. පළාත් සභා ්‍රමය හඳුන්වාදීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී සංඝයාව අඩුකළ යුතුව තිබුනි ද  එය 225 දක්වා ම වැඩි කළා. බලයේ සිටින රජයේ මන්ත්‍රීවරු  තමන්ට ඕනෑ විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වැඩිකරන්නටත් පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කිරීමටත් හැකි යැයි සිතනවා. එහෙත් මෙය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නොවෙයි.

Continue Reading

ජනපතිවරණය එපා කියන ‘ලේනව‘ පිටුපස ඉන්නේ කවුද ? ජී.එල්. හෙළිකළ රහස

ජනාධිපතිවරණය වසරකින් කල් දමන ලෙස ඉල්ලා පෙරේදා (03) ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය චමින්ද දයාන් ලේනව මහතා ජනාධිපතිවරණය කල් දැමීමට තමන්ව පොළඹවන්නේ කවුරුන්ද යන්න පැහැදිලි කළ යුතු බව මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවැසීය. මෙම මූලික අයිතිවාසිකම් අයදුම්පත්‍රයට (SC FR 177/2024) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධය ප්‍රතික්ෂේප කරන ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිකුත් කළ විශේෂ නිවේදනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතු බව ද ඔහු …

Continue Reading

ජනපතිගේ ජාතික ආණ්ඩු යෝජනාව ගැන SJB ගත් තීන්දුව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කිසිදු ජාතික ආණ්ඩුවකට සහය නොදෙන බවට සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව යෝජනාවක් අනුමත කළ බව SJB ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (02) ප්‍රකාශ කළේය. “අපි මීට වසර දෙකකට පෙර වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජාතික ආණ්ඩු යෝජනාවක් ප්‍රතික්ෂේප කළා. අද අපි මේ තීරණය අලුත් කළා,” මද්දුම බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය. …

Continue Reading

ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන් වහන්සේ ජනපති ගැන දුන් ‘සහතිකය‘

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟමින් රට ඉදිරියට ගෙන යාමට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත්, එතුමාගේ වැඩපිළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන් වහන්සේ පැවසූහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) පස්වරුවේ කොට්ටාව, රුක්මලේ ශ්‍රී ධර්ම …

Continue Reading