2024 ජනවාරී – සැප්තැම්බර් තේ අපනයනයේ වර්ධනයක්

2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සමුච්චිත තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 182.36ක් වූ අතර, 2023 ජනවාරි-සැප්තැම්බර් කාලය තුළ වාර්තා වූ කිලෝග්‍රෑම් මිලියන 181.49 හා සසඳන විට එය කිලෝග්‍රෑම් මිලියන 0.87ක වර්ධනයක් බව Forbes & Walker Research වාර්තාවක් පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවා බවට ඉරාකය 2024 දී ඉරාකය පත්ව ඇති අතර අදාළ කාලපරිච්ඡේදය තුළ තේ කිලෝග්‍රෑම් මිලියන 24.16ක් ආනයනය කර …

Continue Reading

සංගණන නිලධාරීන්ට තොරතුරු ලබා දීමට බිය නොවන්න – ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

2024 දෙසැම්බර් 19 දින “සංගණන දිනය ” ලෙස නම් කර ඇති බවත්  ඒ අනුව එම කාලය තුළ රටේ සෑම සංගණන ඒකකයකටම සංගණන නිලධාරියෙකු පැමිණ තොරතුරු රැස් කරනු ලබන බවත් සංගණන අඥා පනතට අනුව එම ලබා ගන්නා පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය සුරැකීමට සෑම සංගණන නිලධාරීයෙකුම බැඳී සිටීන බැවින් නිවැරදි තොරතුරු ලබා දීමට බිය නොවන ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී. …

Continue Reading

McDonald’s burgers නිසා ඇමෙරිකාව භීතියෙන්

මැක්ඩොනල්ඩ් සැන්ඩ්විච් (McDonald’s sandwich) එක්සත් ජනපදයේ මිනිසුන් අසනීප කරන බව එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය / Centers for Disease Control and Prevention (CDC) පවසයි. බරපතළ උදරාබාධ ඇති කළ හැකි බැක්ටීරියා වර්ගයක් වන E.coli නම් බැක්ටීරියා විශේෂය McDonald’s Quarter Pounder sandwiches හි තිබී සොයාගෙන ඇති බව CDC අද (23) නිවේදනය කළේය. මේ වන විට CDC විසින් ප්‍රාන්ත 10ක් පුරා …

Continue Reading

Nokia නැවතත් රැකියා 2,000 කට වඩා වැඩි ප්‍රමාණයක් කප්පාදු කරයි

Nokia සමාගම සිය ව්‍යාපාර ක්‍රියාකාරිත්වයේ වියදම් කපා හැරීමට උත්සාහ කරමින් සිටින අතර Huawei තහනම හේතුවෙන් චීනයේ ඇණවුම් ප්‍රතික්ෂේප වීමෙන් පසු පිරිවැය ඉතිරි කර ගැනීම සඳහා සිය ශ්‍රම බලකාය අඩු කිරීම ද ආරම්භ කර ඇත. Nokia මෑතකදී එහි ශ්‍රම බලකායෙන් සියයට 20ක් පමණ වන චීනයේ රැකියා 2,000කට ආසන්න ප්‍රමාණයක් කපා හැර තිබේ. මුදල් ඉතිරි කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස යුරෝපයේ තවත් සේවකයින් …

Continue Reading

ඌරන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ගත් අලුත්ම තීන්දුව

ඌරන් ප්‍රවාහනය කිරීමේදී පශු වෛද්‍ය සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ඌරන් අතර පැතිර යන ‘Porcine Reproductive and Respiratory Syndrome’ (PRRS) නමින් හැඳින්වෙන අධික ලෙස බෝවන වෛරස් රෝගය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල කියා සිටියේ ගොවිපළ හිමියන් …

Continue Reading

පාතාලය මර්දනය කරන්නේ කොහොමද ? ආරක්ෂ අංශ ප්‍රධානීන්ට ජනපතිගෙන් කළ විශේෂ ඉල්ලීම

පාතාලය මර්දනය කිරීමට නම් පාතාලය මර්දනය කිරීමට කටයුතු කළ ආරක්ෂක අංශ සමාජිකයින්ට එරෙහිව පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩු ඉවත් කර ගන්නා ලෙස ආරක්ෂක අංශ ප්‍රධානීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. මේ බව අනාවරණය වූයේ පසුගිය සතියේ ජාතික ආරක්‍ෂක කවුන්සිලය රැස් වූ අවස්ථාවේදීය. එහිදී රටේ හිස ඔසවන පාතාලය මර්දනය කිරීමට ඇති ප්‍රායෝගික ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇත. මෙම සාකච්ඡාවේදී ආරක්ෂ අංශ …

Continue Reading

T20 කාන්තා ලෝක කුසලානය: නවසීලන්තය සැබෑ කරගත් සිහිනය

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතා තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 32කින් පරාජය කර ශූරතාව දිනාගැනීමට නවසීලන්තය සමත් වූ අතර නවසීලන්තය ජයග්‍රහණය කළ පළමු ලෝක කුසලානය ලෙස මෙය වාර්තා අතරට එක්විය. කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් සති කිහිපයක් පුරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (20) රාත්‍රියේදී ඩුබායිහිදී පැවැත්විණි. නවසීලන්තයෙන් හිමි වූ ලකුණු 159ක ඉලක්කයට …

Continue Reading

රිය අනතුරු හේතුවෙන් පැය 24ක් තුළ හතරක් මරුට

පසුගිය පැය 24 තුළ මොරොන්තුඩුව, කෝපායි, කරන්දෙණිය සහ කඩවත ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. මොරොන්තුඩුව – හොරණ මාර්ගයේ ගමන් කරමින් සිටියදී සිය යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව බෝක්කුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලැබූ අතර තුවාලකරු ගෝනදූව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. යාපනයේදී ත්‍රිරෝද රථයක් ගැටීමෙන් 68 හැවිරිදි …

Continue Reading

ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සකස් විය යුතුයි

අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් ජනපති පවසයි දරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය වන සහ සියලුම දරුවන්ට අධ්‍යාපනයෙහි ප්‍රවේශය සැලසෙන පාසල් අධ්‍යාපන ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට විශේෂ අවධානය ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට ඉවහල් වන සේ මානව …

Continue Reading

රුපියල් තුන් දහසක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) සියලු විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මුදා හැරේ

තැපැල් කාර්යාල හා උපකාර්යාල හරහා විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයින්ට 18 වන දා සිට මුදල් ලබා ගත හැකියි සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදා හැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. විශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව නොගෙවීම සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට …

Continue Reading