ජින්තුපිටියේ වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයකු අත්අඩංගුවට

පසුගිය 16 වැනි දින වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළබඩ පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබුණි. ඊයේ (22)  විමර්ශන නිලධාරීන් විසින් වෙරළබඩ 95 වත්ත ප්‍රදේශයේදී අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 24 මිලිග්‍රෑම් 300 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 24 …

Continue Reading

රැඳවුම් නියෝග මත රඳවා විමර්ශන සිදුකළ සැකකරුවෙකු ගැන තවත් අනාවරණයක්

රැඳවුම් නියෝග මත රඳවා විමර්ශන සිදුකළ සැකකරුවෙකු  වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ වරදකට සම්බන්ධ බවට අනාවරණය වෙයි. පසුගිය19 වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් දින 07 ක රැඳවුම් නියෝග මත කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී 2024.11.08 වන දින මරදාන …

Continue Reading

කාලගුණ අනාවැකිය පළාත් කිහිපයකට විටින් විට වැසි – නුවරඑළියට මල්තුහින

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (23) උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය අද සවස් කාලයේ සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර ඌව සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ …

Continue Reading

අගමැති හරිනි ස්විට්සර්ලන්ත ව්‍යාපාරික ප්‍රජාව හමුවෙයි

Davos හි නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ස්විට්සර්ලන්ත ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයින් හමු වූ අතර ඔවුන් සමඟ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා, වෙළඳපොළ ප්‍රවේශය සහ ක්ෂේත්‍ර සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්වූවාය. මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ ස්ථායි, ඉදිරි දැක්මක් සහිත, විනිවිදභාවයකින් යුතු ආර්ථික ප්‍රතිපත්ති තුළින් විශ්වාසය ගොඩනැගීමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු වුණේය.

Continue Reading

අගමැති හරිනි IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක

ස්විට්සර්ලන්තයේ නිල සංචාරය අතරතුර අගමැතිනිය ඊයේ (20) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ Kristalina Georgieva මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වූවාය. මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ද  සහභාගී විය.

Continue Reading

රුපියල් 2000 සංසරණ සමරු මුදල් නෝට්ටුවේ ආරක්ෂණ සලකුණු

රුපියල් 2000 සංසරණ සමරු මුදල් නෝට්ටුවේ ආරක්ෂණ සලකුණු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය දා ප්‍රසිද්ධ කළේය. එම සටහන පහත දැක්වේ.

Continue Reading

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රියදුරන්ගෙන් මගීන් ආරක්ෂා කිරීම සඳහා ජංගම රසායනාගාර සේවාවක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින රියදුරන් සහ බස් කොන්දොස්තරවරුන් හඳුනා ගැනීම අරමුණු කරගත් ජංගම රසායනාගාර සේවාවක් අද (21)දින කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් පර්යන්තයේදී නිල වශයෙන් දියත් කරන ලදී. පසුගිය දින 14 තුළ පරිභෝජනය කරන ලද මත්ද්‍රව්‍ය වර්ග හතරක් හඳුනා ගැනීමට ජංගම රසායනාගාරයට දැනට හැකියාව ඇති අතර, පරීක්ෂණ ප්‍රතිඵල මිනිත්තු කිහිපයක් ඇතුළත ලබා ගත හැකිය. මෙම සොයාගැනීම් මත පදනම්ව, මගීන්ගේ …

Continue Reading

ආබාධ සහිත තැනැත්තන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳ අදහස් ලබාගැනීම සඳහා වූ විශේෂ වැඩසටහනක්

ආබාධ සහිත තැනැත්තන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳව ආබාධ සහිත තැනැත්තන්ගේ අදහස් දිස්ත්‍රික් මට්ටමින් ලබාගැනීම සඳහා වූ විශේෂ වැඩසටහනක් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් ජනවාරි මස 30 වැනිදා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශාලාවේදී පැවැත්වීමට නියමිත බව එම සංසදයේ සභාපති,  පාර්ලිමේන්තු මන්ත්‍රී  සුගත් වසන්ත ද සිල්වා මහතා පැවසීය. ඒ අනුව දසවැනි පාර්ලිමේන්තුවේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන …

Continue Reading

අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය මුල්‍ය වංචා ගැන පොලිසියෙන් යළි දැනුවත් කිරීමක්

නාඳුනන පුද්ගලයෙකු හෝ ආයතනයක් ආකාරයෙන් සමාජ මාධ්‍ය පණිවුඩයක් මගින් හෝ දුරකථන ඇමතුම් ලබා දෙමින් ඔබට රැකියා අවස්ථාවක් ලබා දෙන බැව පැවසුවොත්, ත්‍යාග දිනුම් ඇදී ඇති බව පැවැසුවොත්, අසත්‍ය චෝදනා ඉදිරිපත්කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට ගිණුමකට මුදල් බැර කරන මෙන් පැවසුවොත් මුදල් තැන්පත්කිරීමට ඉක්මන් නොවී සුපරීක්ෂාකාරීව සොයා බලන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාශය ජනතාවට දැනුම් දෙයි. යම් හෙයකින් ඔබට මෙවන් රැවටීමකට ලක්ව …

Continue Reading

ලෝකයේ හොඳම මධුසමය ගමනාන්ත අතර 5 වන ස්ථානය ගාල්ලට

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ගාල්ල නගරය 2026 සඳහා ලොව හොඳම මධුසමය ගමනාන්ත 10 අතර / Travelers’ Choice Best of the Best Honeymoon Destinations 5 වන ස්ථානයට පත්ව ඇත. වනජීවී සෆාරි, තේ වතු, පුරාණ විහාරස්ථාන සහ සීගිරිය පර්වත බළකොටුව වැනි සුවිශේෂී සන්ධිස්ථාන ඇතුළු ශ්‍රී ලංකාවේ පුළුල් සංචාරක දීමනා, මධුසමය ගමනාන්තයක් ලෙස රටේ ආකර්ෂණයට ගැඹුරක් එක් කරන බව ද සටහන් විය. ලොව පුරා …

Continue Reading