Apple iPhone SE 4 එළිදැක්වීම ප්‍රමාදයි

මේ සතියේ එළිදැක්වීමට නියමිත බවට පුළුල් ලෙස කටකතා පැතිර ගිය, (සමහරු පෙබරවාරි 12 නිකුත් කිරීමක් පවා අනුමාන කළ) බොහෝ දෙනා අපේක්ෂා කළ Apple iPhone SE 4, හුදෙක් අනුමානයක් බවට පත්ව ඇති අතර ඒ සඳහා උනන්දුවක් දක්වන Apple රසිකයින්ට තව ටිකක් කල් බලා සිටීමට සිදුවනු ඇති බව වාර්තා වේ. ප්‍රසිද්ධ Apple විශ්ලේෂක මාර්ක් ගුර්මන් දැන් ඔහුගේ අනාවැකිය සංශෝධනය කර ඇති අතර, …

Continue Reading

සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිතව වෛරස් රෝග ව්‍යාප්තියක්

සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත වෛරස් රෝග ව්‍යාප්ත වීමේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක මහතා සඳහන් කරයි. ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ ඇතැම් පුද්ගලයින්ට ඉහළ තීවුරතා මට්ටම්වලින් රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි බවයි. මෙම රෝග උත්සන්න වීමෙන් නියුමෝනියාව වැනි දරුණු තත්ත්වයන් ඇති විය හැකි බව ද විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක පෙන්වා දුන්නේ ය. …

Continue Reading

කර්මාන්තවල තාක්ෂණික ආයෝජන සඳහා බදු සහන ලබා දීමේ රජයේ දිගුකාලීන අරමුණයි

කරගත් ගිවිසුම්වලට අනුව, රජය දළ දේශීය නිෂ්පාදිතයෙන් (Gross Domestic Product – GDP) 15.1%ක් බදු වශයෙන් අය කර ගත යුතු බැවින්, මෙම වසර තුළ බදු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. “විශේෂයෙන් වක්‍ර බදු අඩු කිරීමක් ක්‍රමයෙන් ක්‍රියාත්මක කිරීමට සිදුවිය හැකියි. නමුත් මේ වසරේ බදු අඩු කිරීමක් අපට අපේක්ෂා කළ නොහැකියි. IMF …

Continue Reading

AI තාක්ෂණයෙන් පරිපූර්ණ Samsung Galaxy S25 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Samsung Sri Lanka, ස්මාර්ට් ජංගම දුරකතන ලෝලීන්ගේ සිහින සැබෑ කරමින් AI තාක්ෂණයෙන් බලගැන්වුණු Galaxy S25 Ultra, Galaxy S25+ සහ Galaxy S25 නිෂ්පාදන පෙල පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. විවිධ විශේෂාංගයන් සඳහා AI තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ඇති මෙම නවතම Galaxy S25 නිෂ්පාදන පෙල සන්නිවේදනයේ විශිෂ්ටත්වය නව මානයකට ගෙන යනු ඇත්තේ පරිශීලකයන් වෙත මෙතෙක් අත්නොවිඳි අත්දැකීමක් උරුම කර දෙමිනි. …

Continue Reading

පසුගිය වසරේ ළමා ගැබ් ගැනීම්වල වර්ධනයක්

2024 වසරේ දී ළමා ගැබ්ගැනීමේ සිදුවීම් 213ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසන්නීය. ඇය වැඩිදුරටත් සඳහන් කළේ 2023 ළමා ගැබ් ගැනීම් 167ක් වාර්තා වූ අතර එය 2024 දී මෙලෙස ඉහළ ගොස් ඇති බවත් 2023 සහ 2024 යන වසර දෙක සංසන්දනය කිරීමේ දී ළමා අපයෝජන සිදුවීම්වල වෙනසක් දක්නට නොලැබෙන …

Continue Reading

අධි රුධිර පීඩනය ඉහළට – අධික ලුණු පාරිභෝජනය ගැන අනතුරු අගවයි

දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් වන්නේ අධි රුධිර පීඩනය බවත් එය වයස අවුරුදු 70 ට අඩු පුද්ගලයින් අතර මරණ සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයන බවත් බෝ නොවන රෝග පිළිබඳ ප්‍රජා වෛද්‍ය උපදේශක වෛද්‍ය ෂෙරීන් බාලසිංහ මහත්මිය පැවසුවාය. ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට ආසන්න වශයෙන් අධි රුධිර පීඩනය ඇති අතර එමඟින් ආඝාතය සහ හෘද රෝග වැනි දරුණු තත්ත්වයන් ඇතිවීමේ …

Continue Reading

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමට ඉහළ මට්ටමේ කාර්ය සාධක බලකායක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම (APG) විසින් සම්බන්ධීකරණය කරනු ලබන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව පිළිබඳ ශ්‍රී ලංකාවේ තුන්වන අන්‍යොන්‍ය ඇගයීම නුදුරු අනාගතයේ දී ආරම්භ වීමට නියමිතය. මූල්‍ය කාර්ය සාධක බලකායේ (මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ගෝලීය ප්‍රතිපත්ති සම්පාදක) නිර්දේශ 40 සම්බන්ධයෙන් දක්වන තාක්ෂණික අනුකූලතාව මෙන්ම ක්ෂණික ප්‍රතිඵල 11 …

Continue Reading

විදුලි කප්පාදු කාලසටහන නිකුත් වෙයි

විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව එම විදුලි කප්පාදුව සිදුකරනු ලබන කාල සටහන එම මණ්ඩලය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

Continue Reading

වැඩබලන අමාත්‍යවරු 04 දෙනෙක් පත් කෙරේ

එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය …

Continue Reading

ශක්තිමත් ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති රාමුවක් සඳහා ශක්තිමත් දත්ත පද්ධතියක් අත්‍යවශ්‍යයි

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් දෙවන වරටත් ජනාධිපති කාර්යාලයේදී අද (10) රැස් වූ අවස්ථාවේදී ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ශක්තිමත් දත්ත පද්ධතියක අවශ්‍යතාව දැඩි ලෙස අවධාරණය කෙරිණි . සියලු පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර ආහාර පද්ධතියක් සහතික කර ලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් …

Continue Reading