විටමින් B12 ඌනතාවයේ රෝග ලක්ෂණ: ඔබ දැනගත යුතු රෝග ලක්ෂණ

විටමින් සහ ඛනිජ ලවණ අතිශයින් වැදගත් ක්ෂුද්‍ර පෝෂක වන අතර ශරීරයේ විවිධ කාර්යයන් ඉටු කිරීමට ශරීරයට ඒවා අවශ්‍ය වේ. ශරීරයට ඉතා වැදගත් විටමිනයක් වන්නේ විටමින් B12 ය. විශේෂඥ වෛද්‍යවරුන්ට අනුව මෙය ඔබේ ශරීරය ඔබේ ස්නායු සෛල සහ රුධිර සෛල නිරෝගීව තබා ගැනීමට උපකාරී වන විටමින් වර්ගයකි. එය ඔබේ ශරීරයේ සියලුම සෛලවල ජානමය ද්‍රව්‍යය වන DNA සෑදීමට ද උපකාරී වේ. ශරීරය …

Continue Reading

චිකන්ගුන්යා රෝගය වසංගත තත්ත්වයකට පැමිණ නැහැ – සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස

චිකන්ගුන්යා රෝගය තවමත් වසංගත තත්ත්වයකට පැමිණ ඇතැයි සෞඛ්‍ය අංශ පිළිනොගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය නිල වශයෙන් පවතින දත්ත පදනම් කරගෙන ඉදිරි දින කිහිපය තුළදී ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයිද, රෝගයේ …

Continue Reading

2025 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක් දක්වා වර්ධනය වෙයි

2025 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ස්ථාවර ප්‍රගතියක් දැක්විය හැකි ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරන ලදී. මෙම කාලසීමාව තුළ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,583.25ක් ලෙස වාර්තා වී ඇති අතර එය  2024 දී එම කාලසීමාවට සාපේක්ෂව 6.9%ක වර්ධනයකි. මෙම ඉහළ යාම වර්ධනය වන ගෝලීය වෙළඳ පරිසරයට අප අනුකූල වීමේ හැකියාවත් පිළිබිඹු කරයි. 2025 අප්‍රේල් මාසයේදී පමණක් …

Continue Reading

එංගලන්ත රූ රැජිණ ලෝක රූ රැජිණ තරගයෙන් ඉවත් වුණේ ඇයි?

එංගලන්ත රූ රැජිණ මීලා මැගී 72 වන ලෝක රූ රැජිණ තරගාවලියෙන් ඉවත් වීම සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා දැඩි ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ. ඒ, ඇය එම තරගාවලියෙන් ඉවත් වීමට හේතු ලෙස ඉන්දීය මාධ්‍ය මෙන් ම, බ්‍රිතාන්‍ය මාධ්‍ය ද පළ කර ඇති වාර්තා නිසා ය. මෙවර ලෝක රූ රැජිණ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ද නියෝජනය කරමින් අනුදි ගුණසේකර ඊට සහභාහී වී …

Continue Reading

කටුම්භයන්ගෙන් 54.9%ක් ණයබරින් පීඩාවට

මෙරට සමස්ථ කුටුම්භයන්ගෙන් 54.9%ක් පමණ මේ වන විට ණය බරින් පීඩාවට පත්ව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයක් පවසයි. මෙම ණයගැතිභාවයට වැඩියෙන්ම හේතු වී ඇත්තේ 31%ක උකස් කටයුතු හරහා සිදුව ඇති ණයවීම් වන අතර දෙවනුවට විධිමත් ආකාරයට බැංකු හරහා ණය ලබා ගැනීම් 21.9%කි. මීට අමතරව පොලියට මුදල් ලබාදෙන්නන් සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හරහා ලබා ගන්නා ණය ගැනීම් පිළිවෙළින් …

Continue Reading

ඉන්දීය ඉතිහාසයේ අගවිනිසුරුවරයෙකු වූ පළමු බෞද්ධයා

භූෂන් රාමක්‍රිෂ්ණ ගවයි (බී.ආර්. ගවයි) ඉන්දියාවේ 52 වන අගවිනිසුරුවරයා ලෙස අද (මැයි 14 වැනිදා) දිවුරුම් දුන්නේය. ඉන්දියාවේ පළමු බෞද්ධ අගවිනිසුරුවරයා බවට පත්වූ ඔහු විනිසුරු බාලක්‍රිෂ්ණන්ගෙන් පසු අගවිනිසුරු ධූරයට පත් දාලිත් කුලයේ දෙවැන්නා බවට ද පත්විය. 64 හැවිරිදි ගවයි ඉන්දියාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති ද්‍රෞපදී මුර්මු ඉදිරියේ රාෂ්ට්‍රපති භවන්හි පැවති චාම් උත්සවයකදී දිවුරුම් දෙන ලදී. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම යාමේ වයස් …

Continue Reading

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා බ්‍රිතාන්‍යය වීසා ලබා දීම සීමා කරන්නේ ඇයි?

බ්‍රිතාන්‍යයේ වැඩි කාලයක් රැඳී සිටීමට සහ සරණාගතභාවය ඉල්ලා සිටීමට ඉඩ ඇති බවට සැලකෙන රටවල පුරවැසියන්ගෙන් ලැබෙන වීසා අයදුම්පත් නව රජයේ යටතේ සීමා කළ හැකිය. ටයිම්ස් පුවත්පතේ පළමුව වාර්තා කළ පරිදි, ස්වදේශ කටයුතු කාර්යාල සැලසුම් යටතේ පකිස්ථානය, නයිජීරියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල පුද්ගලයින්ට බ්‍රිතාන්‍යයේ රැකියා කිරීමට සහ අධ්‍යාපනය ලැබීමට පැමිණීම වඩාත් අපහසු විය හැකිය. ඇතැම් පුද්ගලයින් රැකියා හෝ අධ්‍යයන වීසා …

Continue Reading

මාස 7ට මිනිස් ජීවිත 52ක් උණ්ඩයට බිලි වුණා – මහජන ආරක්ෂ ඇමැති

ගතවූ මාස 7 තුළ වෙඩිතැබීමේ සිදුවීම් 79ක් සිදුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වන දින සිට ඊයේ (08) දක්වා වූ කාලය තුළ සිදුව ඇති එම වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 52ක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 35ක් තුවාල ලබා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම වෙඩිතැබීම්වලින් 62ක් සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් සිදුකර …

Continue Reading

තැලසීමියා රෝගී දරුවන්ගේ සීග්‍ර වර්ධනයක්

ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන් වර්ධනය වීම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. දහස් ගණනක් ළමුන් මෙම රෝගයට ගොදුරු වී ඇති අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නොදැනුවත්වම මෙම ආබාධයේ ජානය රැගෙන යන බවයි සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන්නේ. තැලසීමියාව යනු පාරම්පරික රුධිර ආබාධයක් වන අතර එය ශරීරයේ නිරෝගී රතු රුධිර සෛල නිපදවීමේ හැකියාවට බලපායි. ලෝක තැලසීමියා දිනයට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී …

Continue Reading

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 20කට පමණ පසුව වීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් …

Continue Reading