ලොතරැයි දෙකම ජනපති යටතට

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතට පවරා ගැනීමේ සූදානමක් පවතින බව ලොතරැයි මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා විසින් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි. අමාත්‍යවරයා සහ ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් හෙට දින පැවැත්වීමට නියමිතය. …

Continue Reading