කොවිඩ් – 19 : නව නියෝග කිහිපයක් පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

කොවිඩ් – 19 සම්බන්ධයෙන් වන රෝගී ප්‍රදේශයක් ඇතුළත හෝ ඉන් පිටත ඒකරාශීවීමක් , ක්‍රියාකාරකමක් හෝ අවස්ථාවක් සම්බන්ධයෙන් නව නියෝග කිහිපයක් පනවමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව සමස්ත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන නිසි බලධාරියා විසින් නිශ්චය කරනු ලබන යම් කාලසීමාවක් සඳහා එම නියෝග බලපැවැත්වෙනු ඇත. ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඒකරාශීවීම, ක්‍රියාකාරකම් , අවස්ථාව හෝ ඒ හා …

Continue Reading

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයේ 1/3 ලබාදීමට මුදල් ඇමති එකඟවෙයි

විෂමතාව ඉවත් කරන්න අමතරව රුපියල් මිලියන 30000ක් සමස්ත අය-වැය ලේඛනයෙන් ඉතිහාසයේ පළමු වතාවට අධ්‍යාපනයට සියයට 7.51ක් විසි පස් වසරකට ආසන්නව පවතින වැටුප් විෂමතාව ඉවත් කිරීම දැනුම් දීම සඳහා අද (10) දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 01 හි පැවති හමුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයට ගුරු- විදුහල්පති  වෘත්තීය සමිති නියෝජිතයෝ සිය ප්‍රණාමය පුද කළහ. දරුවන්ගේ සහ රටේ අනාගතය වෙනුවෙන් ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා …

Continue Reading

නැනෝ රාජා දූෂණ ගැන චම්පික මහින්දානන්දට දුන් පිළිතුර

ජනතාවගේ දුක් ගින්නේ  බඩගින්නේ පැමිණිල්ල හා මේ පත් කරලා තියෙන අවමානයේ, අපහාසයට ඇතිවෙලා තියෙන කෝපයේ පැමිණිල්ල දැන් රට පුරා විභාග වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. තමන් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදු කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. …

Continue Reading

පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධ විමර්ශනයේ ප්‍රගතිය ජනපතිට

පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දෙයි. පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ වහාම විමර්ශනයක් කර මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම් දෙනු ලැබිණ. අදාළ දැනුම් දීම ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා ඔක්තෝබර් මස 06 වන …

Continue Reading

ටයිල්, මුහුණු ආවරණ, බයිසිකල්, සබන්, ඇතුළු භාණ්ඩ වර්ග 433 ක් ආනයනයට සීමා

ටයිල්, ග්‍රැනයිට්, ලී බඩු, ප්ලාස්ටික්, මුහුණු ආවරණ ,බයිසිකල්, සබන්, ලුනු ඇතුළු භාණ්ඩ වර්ග 433 ක් ආනයනය කිරීම සීමා කර ඇතැයි  සමෘද්ධි සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද  (10) පැවසුවේය. ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා මෙම පියවර ගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේ. මෙම භාණ්ඩ ආනයනය කිරීම සඳහා 2018 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.2ක්ද 2019 වර්ෂයේදී  ඇමරිකානු …

Continue Reading

කුඩා දරුවන්ගේ කෙටි ආහාරවල සීනි ගැන විශේෂ හෙළිදරව්වක්

කිරි වැරීමේ හෝ ළදරු ආහාර ලෙස අලෙවි කරන සමහර කෙටි ආහාර වල භයානක සීනි ප්‍රමාණයක් අඩංගු වන අතර කුඩා දරුවන් එම ආහාරවල සීනිවලට ඇබ්බැහි විය හැකි බව නවතම පර්යේෂණ වාර්තාවක් හෙළිකර ඇත. මෙම පර්යේෂණය සිදුකළ Action on Sugar එක්සත් රාජධානියේ වෙළඳසැල්වල විකිණීමට ඇති ළදරු සහ කුඩා දරුවන්ගේ නිෂ්පාදන 73ක් විශ්ලේෂණය කළේය. උදාහරණයක් ලෙස, Heinz Farley’s Mini Rusks Original හි එක් වේලකට සෑහෙන …

Continue Reading

නොවැම්බර් මස 13 වැනි දිනෙන් පසු අන්තර් මෝසම් කාලපරිච්ඡේදයක්

පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය මේ වන විට පීඩන අවපාතයක් බවට පරිවර්තනය වී ඇති බවත් ඉන් දිවයිනට වක්‍ර බලපෑමක් සිදුව තිබෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත්මේන්තුවේ අද (10) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. මේ දිනවල පවතින වර්ෂාපතනයෙහි වැඩිවීම මුල සිට අධ්‍යයනය කරමින් සිටි බවත් පසුගිය දිනවල …

Continue Reading

නොබෙල් ත්‍යාගලාභී මලාලා යුග දිවියට

මලාලා යුසුෆ්සායි ට්වීට් එකක් නිකුත් කරමින් කියා සිටියේ එය ඇගේ ජිවිතයේ ‘මාහැඟි දිනයක්’ බව යි නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි එංගලන්තයේ බර්මින්හැම්හි දී පැවැත්වූ ඉස්ලාමීය විවාහ මංගල්‍යයක් මඟින් සිය සහකරු සමග “අතිනත ගෙන” ඇත. ඈ සහ ඇගේ සහකරු අසර් මලික් “නිකා” උත්සවයක් පවත්වා තිබේ. ඉස්ලාමීය සිරිත අනුව මනාලයා සහ මනාලිය විවාහයට කැමැත්ත පළකරන්නේ “නිකා” උත්සවයේ දී ය. විසි හතර හැවිරිදි …

Continue Reading

දිස්ත්‍රික්ක රැසකට ගංවතුර සහ නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීම්

දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය අද (09) තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. මාතලේ, පොලොන්නරුව, ගාල්ල සහ මාතර …

Continue Reading

ධාරාණිපාත වර්ෂාව තව දුරටත් – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදන

ඉදිරි පැය 24 තුළ ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු දෙසට ගමන් කරනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ. මෙම අඩුපීඩන කලාපය හේතුවෙන් ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දිවයිනේ දකුණු දිග මුහුදු ප්‍රදේශවල තද …

Continue Reading