‘මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා’ – අගමැති මහින්ද

මාධ්‍යයත් එක්ක සුහදව වැඩ කරන එක කලාවක්. අපි කවදාවත් මාධ්‍යයට කිසි දෙයක් හැංගුවේ නෑ. අපේ ජීවිතේ දුෂ්කරම කාලවල මාධ්‍යවේදීන් අපිත් එක්ක හිටියා. හැම අවස්ථාවේම අපි මාධ්‍යවේදීන් ආරක්ෂා කළා. මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ජනමාධ්‍යවේදීන් සඳහා පිරිනමන “ඇසිදිසි රක්ෂණාවරණය” ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා …

Continue Reading

ගෑස් ටැංකි පුපුරන්නේ ප්‍රමිතියෙන් තොර පළුදු වූ ගෑස් සිලින්ඩර නිසාද ?

ගෑස් සිලින්ඩර සඳහා ඇති වූ අධික ඉල්ලුම නිසා ප්‍රමිතියෙන් තොර, පළුදු වූ ගෑස් සිලින්ඩර වෙළඳ පොළට නිකුත් කර ඇති බවට අනුමාන කළ හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්.ඩී.එම් චින්තක පැවසූ බව බී.බී.සී සිංහල සේවය කියයි. ගෑස් සංයුතියේ වෙනසක් සිදු කිරීම පීඩනය වෙනස් වීමට හේතු වුව ද එය ප්‍රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩරවලින් ගෑස් කාන්දු වීමට තරම් හේතුවක් …

Continue Reading

අකුරුට වැඩ කරන විදුලි ඉංජිනේරුවරු නඩත්තු කටයුතුවලිනුත් ඉවත් වෙති

මේ වනවිට අකුරට වැඩකරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරු අද (01) සිට නඩත්තු කටයුතුවලින්ද ඉවත් වීමට තීරණය කළ බව විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතියේ ලේකම් ධම්මික විමලරත්න පවසයි. ඒ අනුව අද පස්වරු 4.30 සිට විදුලි ඉංජිනේරුවරු සියලුම නඩත්තු කටයුතුවලින් ඉවත් වී ඇත. මේ වනවිට විදුලි බල මණ්ඩලයේ විදුලි සම්ප්‍රේක්ෂණ අංශය භාර ජ්‍යෙෂ්ඨ අතිරේක සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් …

Continue Reading

මුදල් ඇමති බැසිල් ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් හමුවෙයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත අතර ඊයේ (දෙසැ 01) පස්වරුවේ ඉන්දියාවේ ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන්  මහත්මිය නවදිල්ලි නුවරදී හමුවිය. එහි දී  ද්විපාර්ශ්වික ආර්ථික  සහයෝගීතාවයට අදාළ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.ඉන්දියාව සිය ආර්ථික සහයෝගීතා වැඩසටහන් හරහා විවිධ ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය පිළිබඳව  බැසිල් රාජපක්ෂ මහතා මුදල් මුදල් අමාත්‍යවරියට …

Continue Reading

රිය අනතුරුවලින් මියයන පුද්ගලයන්ගේ යැපෙන්නන්ට ගෙවන වන්දි මුදල ඉහළට

හඳුනා නොගත් රිය අනතුරු හේතුවෙන් ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් දෙලක්ෂ පනස්දහසක්  දක්වාත්, බරපතල තුවාල ලබන  වින්දිතයින්ට රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක් ලක්ෂ පනස් දහස දක්වාත් වැඩි කිරීමට මාර්ග  ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන ඇතිබව ප්‍රවාහන අමාත්‍යාංශය අවධාරණය කරයි. ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ලබාදුන් උපදෙස් මත මෙම නව වන්දි ක්‍රමය 2022 වසරේ සිට ක්‍රියාත්මක වේ. අපරික්ෂාකාරි රිය   ධාවනය …

Continue Reading

කාබනික ඝන පොහොර හදන්න ගොවීන්ට මිලියන 4500ක් දීලා

කාබනික ඝන පොහොර නිෂ්පාදනය කර ගැනීම සඳහා ගොවීන් 8,05,601 දෙනකුට රුපියල් මිලියන 4500ක් මේ වන විටත් රජයෙන් ලබා දී ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්.අබේරත්න මහතා සඳහන් කළේය. කුඹුරු හෙක්ටයාර් 647,681ක් වෙනුවෙන් මෙම මුදල් ප්‍රදානය කර ඇති බවද කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති කාබනික වගාවේ ඉදිරි ගමන පිළිබඳ ජාතික කථිකාවත මැයෙන් වූ වැඩමුළුවකට සහභාගී …

Continue Reading

රෝගී බිරිය ජීවත් කරවන්න වසර 13ක් පුරා සටන් කරන ආබාධිත රණවිරුවා

තම බිරිඳ සුදුසු වෛද්‍ය වරයෙකුට හෝ වෙනත් රටකට හෝ රැගෙන ගොස් ජීවිතය බේරා දෙන්නැයි ඉල්ලා සිටින විජේරත්න මහතා බිරිඳගේ ලේ  මාරු කිරීම් සඳහා යන වියදම හෝ සොයා ගැනීම අපහසු නිසා මේ පිළිබඳව ජනමාධ්‍ය හරහා වර්තමාන හමුදාපතිතුමාට  කරුණා සිත් ඇති ධනපතියන්ට ආරාධනා කිරීමට තීරණය කළ බව ද සඳහන් කළේය. වසර 22ක් රට වෙනුවෙන් කැපකිරීම් කර යුද  හමුදාවෙන් විශ්‍රාම ගිය ආබාධිත සෙබළෙකු …

Continue Reading

මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ සැබෑ සැලසුම කුමක්ද ?

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (වර්තමානයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස හැඳින්වේ) එක් ව පසුගිය දශක දෙක තුළ කොළඹ ආශ්‍රිත වගුරු බිම් දැවැන්ත විනාශයකට ලක් කළේ ය. ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ හා බෙල්ලන්විල – අත්තිඩිය ආශ්‍රිත තෙත් බිම් මේ ආකාරයෙන් විනාශ කිරීමට ලක් කෙරින. වගුරු බිම් පද්ධතියක පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ ව අවබෝධයක් නොමැති මෙම ආයතන විසින් වගුරු බිම්වලට සිදු කළ විනාශය හේතුවෙන් අද වන විට කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීම සඳහා …

Continue Reading

නීත්‍යානුකූල අන්තර්-ආගමික විවාහවලට ඉන්දිය රජයෙන් අවසර

“ලව් ජිහාද්” වැනි ප්‍රශ්න බටහිර මාධ්‍ය විසින් පුන පුනා වාදනය කර ඇති අතර ඔවුන් එය කර ඇත්තේ ඉන්දියාවේ වත්මන් දේශපාලන ව්‍යාප්තිය ඉලක්ක කර ගැනීම සඳහා පමණි. ‘ඉන්දියාවේ හින්දු ජාතිකවාදී නැඟීම මධ්‍යයේ අන්තර් ආගමික ප්‍රේමය අවදානමක්’ යන මෑත ලිපියක, එක්සත් ජනපද මාධ්‍ය ආයතනයක් වන ඇසෝසියේටඩ් ප්‍රෙස් මෙසේ පැවසීය: “ලව් ජිහාද්” ප්‍රශ්නය, ආගමික නිදහස පිළිබඳ ව්‍යවස්ථාපිත සහතිකවලට වලකන බවට අනතුරු අඟවන ලෞකික …

Continue Reading

‘මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය‘ : ඉන්දියාව ජාතික අර්බුදයක

පකිස්ථානයට යාබඳ සමඟ දේශසීමා දිස්ත්‍රික්කවල මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් පසුගිය වසර කිහිපය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. පසුගිය සතියේ ජම්මු හා කාශ්මීරයේ ජජ්ජර් කොට්ලිහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 52 අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රදේශයේ ඩීජීපී ඩිල්බාග් සිං ප්‍රකාශ කළේ, “පකිස්ථානය නපුරු චේතනාවන් සැලසුම් සහගතව ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සඳහා විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තල්ලු කරමින් අපගේ තරුණයින් උවදුරට සම්බන්ධ කර ගනිමින් එය තෘප්තිමත් කරයි..” ඔහු සතියකට …

Continue Reading