‘ලක්බිම රනින් සැරසූ ශ්‍රීමාලි උඩ දානවාට වඩා උදව් කරන එකයි කළ යුත්තේ‘

උස්බෙකිස්තානයේ පැවැත්වෙන ලෝක ශුරතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේදී  දී කාන්තා කිලෝග්‍රෑම් 45ට අඩු බර පන්තියේ රන් පදක්කම හිමිකර ගත් ශ්‍රීමාලී සමරකෝන්  ක්‍රීඩිකාවගේ  මව පියා සහ නිවස සොයා අද (10) පෙරවරුවේ අප හබරණ තිබලව ගමට ගියමු. මේ වන විටත් උස්බෙකිස්ථානය සිටින ශ්‍රීමාලී සමරකෝන් රන් පදක්කම්ලාභී ක්‍රීඩිකාවගේ  මව සහ පියා කිරි ගවයන්ගෙන් ජීවිතය ගැටගසා ගන්නා පවුලකි. ඔවුන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් …

Continue Reading

‘ප්‍රජාතන්ත්‍රවාදී රටවල් තම ව්‍යවස්ථාවෙන් දක්වා ඇති වටිනාකම් ලබා දිය යුතුයි‘

එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමුළුවට සත්කාරකත්වය දරයි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති වටිනාකම් ලබා දීමේ අවශ්‍යතාවය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා අවධාරණය කළේය . ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් විසින් කැඳවන ලද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමුළුවේ අතථ්‍ය පූර්ණ සැසියේදීය.,සංවෘත සැසියක් වූ ‌මෙයට ඉන්දියාව ඇතුළු තෝරාගත් රටවල් 12 ක මැදිහත්වීම් දක්නට …

Continue Reading

බංග්ලාදේශය බිහි කිරීමේදී සිදු වුණ ජනසංහාර ගැන ඉන්දියාව මතකය අවධි කරයි

බංග්ලාදේශයේ සරණාගත ප්‍රශ්නයට ඉන්දියාවේ මානුෂීය ප්‍රතිචාරය සමකාලීන ඉතිහාසයේ වඩාත්ම සංකීර්ණ සහ සංවේදී එකක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය‌ේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත ටී එස් තිරුමූර්ති ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමකදී අදහස් දක්වමින් කියා සිටියේ ඉන්දියාව මිලියන ගණනක් සරණාගතයින්ට සත්කාරකත්වය ලබා දී නැගෙනහිර පකිස්ථානයේ සමූලඝාතන වලින් ඔවුන් බේරා ගත් බවයි. “සමකාලීන ඉතිහාසයේ, ඉන්දියාවේ …

Continue Reading

2022 විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියැවීම 2/3 කින් සම්මතයි

විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියැවීම වැඩි ජන්ද 93 කින් අද (10) සම්මත විය.ඊට පක්ෂව ජන්ද 157 ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 64 කි. ජන්ද විමසීම ප.ව 06.05 ට සිදු කෙරුණි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම (අයවැය කථාව) නොවැම්බර් මස 12 වැනි සිකුරාදා සිදු කළ අතර, නොවැම්බර් 13 වැනිදා  සිට  22 …

Continue Reading

Covid එන්නත නොගත් කිසිවෙකුට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම්

උත්සව සමයට පෙර කොවිඩ් අධිමාත්‍රා එන්නත දී අවසන් කරන්න – ජනපතිගෙන් උපදෙස් කොවිඩ් ආසාදිතයන්ගෙන් ඉහළ ප්‍රතිශතය එන්නත නොගත් පිරිස 16 – 19ත් අතර දරුවන්ට දෙවන මාත්‍රාව 12 -15ත් අතර දරුවන්ට පළමු මාත්‍රාව ලබාදීමට අවධානය විදෙස් සංචාරකයන්ට පනවා තිබූ සීමා තවදුරටත් ලිහිල් කෙරේ එළැඹෙන උත්සව සමයේ දී කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා අධි මාත්‍රා එන්නත (Booster) ඉදිරි දෙසතිය තුළ ලබා දී අවසන් …

Continue Reading

ජනවාරි 11,12 සහ 13 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වේ

ජනවාරි 11,12 සහ 13 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වේ ජනවාරි 13 සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමට වෙන් කෙරේ 2022 වසර සදහා පාර්ලිමේන්තු රැස්වීම් ලබන ජනවාරි 11 වන දින ආරම්භ කිරීමට ඊයේ (09) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මේ …

Continue Reading

ඉන්දීය එක්දින නායකත්වයට රෝහිත් ෂර්මා

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින නායකයා ලෙස රෝහිත් ෂර්මා නම් කර තිබේ. ඔහු 2022 ජනවාරි මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව තුන්වන එක්දින තරඟාවලිය ආරම්භ කරමින් ඔහුගේ පූර්වගාමියා වූ විරාත් කෝලිගෙන් වැඩ භාර ගනී. “රෝහිත් ෂර්මා ඉදිරි එක්දින සහ විස්සයි 20 කණ්ඩායම්වල නායකයා ලෙස නම් කිරීමට තීරණය කළේය” යනුවෙන් BCCI බ්‍රහස්පතින්දා ට්වීට් කළේය. දෙසැම්බර් 26 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරග තුන සඳහා වන …

Continue Reading

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 1.5 දක්වා පහත වැටේ

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත (foreign reserves) ප්‍රමාණය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 (ඩොලර් මිලියන 1587) දක්වා පහත වැටී ඇති බව පවසන මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද (09) ප්‍රකාශ කළේ රට දේශපාලන සහ මූල්‍යමය වශයෙන් අස්ථාවර කිරීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි ජාවාරම් කරන ඇතැම් කණ්ඩායම් සිටින බවයි.  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරදින සභාවේදී අසන ලද ප්‍රශ්නයකට …

Continue Reading

ඩොලර් හොරෙන් මාරු කෙරුවොත් වැඩ වරදියි – මහ බැංකුව තදින් සිටී

විධානයන්ට අනුකූල නොවූ මුදල් හුවමාරු කරන්නන්ට එරෙහිව මහ බැංකුව නියාමන ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධරණය කරයි. මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වන අතර එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ. 2017 අංක 12 දරන විදේශ විනිමය පනත (පනත) යටතේ නිකුත් කරන ලද විධානයන්ට අනුගත නොවන ක්‍රියාකාරකම් වල බලයලත් මුදල් හුවමාරු කරන්නන් නිරත වන බවට …

Continue Reading

2022දීත් අලුත් වාහනය ආනයනයට ඉඩ නෑ – බැසිල් කියයි

වාහන අලුතින් ගෙන්වීමට ලබන වසරේත් අවසර ලබා නොදෙන අතර රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල සඳහා සේවකයන් අලුතින් බඳවා ගැනීමටද ලබන වසරේදී අවසර ලබා නොදෙන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. මුදල් අමාත්‍යවරයා මේ බව හෙළි කළේ ෙ බත්තරමුල්ලේදී අද (9) පැවති කිරි ගොවි සම්මේලනය අමතමිනි. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ මුදල් ඇමතිවරයා, ‘‘සමහර රජයේ ආයතනවල අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සේවකයන් …

Continue Reading