බැසිල් පැමිණ පසු කැබිනට් මණ්ඩලය විස්මයට පත් වන තීන්දුවක්

ජනාධිපතිවරයා තවත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බවට පැතිර යන රාවය බොහෝ දුරට සත්‍ය වනු ඇති බවත් එය සිදුවනු ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමෙන් පසුව බවත් ඩේලි මිරර් වෙබ් අඩවිය කියයි. එම වාර්තාවේ මෙසේ ද දැක්වේ. පසුගිය අගෝස්තුවේ සිදු වූ කැබිනට් සංශෝධනයට සමානව අවසන් මොහොතේ ජනාධිපතිවරයා විසින් කරන ලද නිවේදනයකින් ඇතැම් ප්‍රධාන අමාත්‍යවරුන් ද තිගැස්මකට ලක්විය හැකි …

Continue Reading

‘අසාධාරණ මිල ඉහළ නැංවීම්වලට එරෙහිව රටේ මහජනතාව පෙළගැසිය යුතුයි‘

ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල පහළ යමින් ඇති අවස්ථාවක ජනතාවට පීඩාවට පත්කරමින් අසාධාරණ ලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව රටපුරා ජනතාව පෙළගස්වන බව ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක පවසයි. රටේ පාලනය රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු විසින් සියතට ගෙන කටයුතු කරන ගමන් ඒවායින් සිදුවන මහජන පීඩාව තමන්ගේ ඇඟට ගන්නේ නැතිව ආණ්ඩුව තුළ සිටින රාජපක්ෂවරුන්ට අන්තේවාසිකම් කරන ඇමතිවරුන් පිටින් යවන බවත් අණ්ඩුවේ …

Continue Reading

‘ගෑස් පිපිරීවලට හේතු ‘ තාක්ෂණ කමිටුවේ සභාපති හෙළිකරයි

ගෑස් ලිප් පුපුරා යාම් හා ගිනි ගැනීමේ සිද්ධීන්ට මූලික හේතුව ගෑස්වල සංයුතිය වෙනස් කිරීම බව, ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පුපරා යාම් හා ගිනි ගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට හා විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ තාක්ෂණ කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොල මහතා අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ගෑස් සංයුතිය වෙනස් කර ඇත්තේ නිසි නියාමනයකින් තොරව බව ද තමන් කළ …

Continue Reading

‘මහ කන්නට රසායනික පොහොර නෑ‘

මෙවර මහ කන්නය සඳහා රසායනික පොහොර  ලබාදීමට හැකියාවක් නැතැයි ද සහනාධාරය දෙනු ලබන්නේ කාබනික පොහොර වගාවන්ට නැඹුරු වූ ගොවීන්ට පමණකැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මහනුවර ගන්නෝරුවේ පැවැති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික පර්යේෂණ සැසිය  අමතමින් අමාත්‍යවරයා මේ බව  පැවැසීය මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ හරිත කෘෂිකර්මාන්තය ආරම්භ කරන්නේ වී ගොවිතැන සඳහා පමණක් බවයි. ‘ …

Continue Reading

පඹයෝ වගේ ඇමතිවරුන්ගේ අසාධාරණ තීරණවලට එරෙහිව හඬ අවධිකරන්න – බිමල් රත්නායක

ආර්ථිකයේ, දේශපාලනයේ, රාජ්‍ය මුදල් හැසිරවීමේ ඇතුළු රාජ්‍ය පාලනයේ 70%ක් 75%ක් රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු දරන ගමන් ඒවායින් සිදුවන මහජන පීඩාව තමන්ගේ ඇඟට ගන්නේ නැතිව ආණ්ඩුව තුළ සිටින රාජපක්ෂවරුන්ට අන්තේවාසිකම් කරන ඇමතිවරුන් පිටින් යවන බව ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක පවසයි. අසාධාරණ ලෙස ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් ආණ්ඩුවේ තීන්දුවට විරෝධය පළකරමින් අද (21) පස්වරුවේ එම පක්ෂ …

Continue Reading

ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩුවෙද්දී ආණ්ඩුව තෙල් මිල වැඩි කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ තවත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බවට රාවයක් පැතිර යන අතර එය බොහෝ දුරට සිදුවනු ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමෙන් පසුව බව ඩේලි මිරර් වෙත වාර්තා වේ. පසුගිය අගෝස්තුවේ සිදු වූ කැබිනට් සංශෝධනයට සමානව අවසන් මොහොතේ ජනාධිපතිවරයා විසින් කරන ලද නිවේදනයකින් ඇතැම් ප්‍රධාන අමාත්‍යවරුන් ද පෙරළියකට ලක්විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. …

Continue Reading

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රීක්ක ආවරණය වන පරිදි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව අද (20) දිනයේදී ප්‍රකාශයට පත් කර තිබේ. සමාජිකයින් 73 දෙනෙකුගෙන් සමන්විත ජාතික විධායක සභාව අද දිනයේ කැඳවා තිබූ ජාතික ජන බලවේගයේ විශේෂ නියෝජිත මහා සමුළුවේදී ප්‍රකාශයට පත් කරනු ලැබීය. බොහෝ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ඊට දේශපාලන නායකයින්, කලාකරුවන්, සාහිත්‍යවේදීන්, වෘත්තීය සමිති නායකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් පත්කර තිබේ. එහිදී ජාතික ජන …

Continue Reading

අගමැතිගේ යෝජනාවෙන් ‘යොහානිට කොළඹින් ඉඩමක්‘

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වාට කොළඹින් ඉඩමක් පිරිනැමීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. ඇය විසින් ගෝලීය සංගීත ක්ෂේත්‍රය තුළ දක්වන ලද දක්ෂතා අගයමින් මෙම පරිත්‍යාගය සිදුවනු ඇති බවයි එම වාර්තාව වැඩි දුරටත් පවසන්නේ. ඒ අනුව බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 9ක ඉඩමක් රජයෙන් ත්‍යාගයක් ලෙස යොහානි වෙත පිරිනැමීමට …

Continue Reading

GMOA හෙට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් හෙට (21) පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි. වැඩවර්ජනය පවතින කාලය තුළ සියලුම රෝහල්වල හදිසි සේවා අඩාල නොවන බවත් මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහලේ කටයුතුවලට වර්ජනය බලපාන්නේ නැති බවත් ඔහු පැවසීය. ව්‍යවස්ථාපිත වෛද්‍ය ස්ථාන …

Continue Reading

2021 වසරේ ගෑස් ආශ්‍රිත පිපිරීම් 847ක් – 07ක් මරුට

මේ වසරේ පමණක් රට පුරා ගෑස් ආශ්‍රිත පිපිරීම් 847ක් පොලිසියට වාර්තා වී ඇති අතර එම පිපිරීම්වලින් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇතැයි අද (20) දින ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කළේය. එම වාර්තාවේ මෙසේ ද සදහන් වේ, සමස්ත සිදුවීම්වලින් 797 ක් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් පිපිරීම් හේතුවෙන් සිදුවූ අතර ලාෆ්ස් ගෑස් කාන්දුවීම් සම්බන්ධ පිපිරීම් 50ක් වාර්තා වී …

Continue Reading