අද දිනයේ Covid 19 උණුසුම් දේශීය පුවත් සියල්ලම

පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පාරිභෝගිකයින්ට ජනපති නියමයෙන් සහන කොවිඩ් 19ට එරෙහි සටනේදී තොරතුරු බෙදා හැරීම සදහා සම්බන්ධතා පැවැත්වීම අත්‍යවශ්‍ය වන මෙම කාලයේදී සිය පසුගෙවුම් පාරිභෝගිකයින් සදහා බිල්පත් ගෙවීමට සහන කාලයක් සලසා එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත්, පෙර ගෙවුම් පාරිභෝගිකයින් සදහා හදිසි ණය පහසුකම් සහ අමතර කතා කාලයක් ලබාදීමේ යාන්ත‍්‍රණය කි‍්‍රියාත්මක කරන ලෙසත් සියලුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන, නිවෙස්වලට …

Continue Reading

වරාය මෙහෙයුම් බාධාවකින් තොරව අඛණ්ඩව

කොරෝනා වෛරසය රට තුළට පිවිසීම නතර කරනු පිණිස ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වසා දැමීමට ගත් තීරණය තවදුරටත් ක්‍රියාත්මක බව රජය පවසයි. පිටවීමේ පර්යන්තය විවෘතව තැබෙන අතර, ශ්‍රී ලංකාවෙන් පිටවන මගීන් රැගෙන යන ගුවන් යානාවලට අවසර දී තිබේ.  සියලුම මගී සංක්‍රමණ ගුවන් කටයුතු   ( passengers transit ) නතර කර ඇත. වරාය මෙහෙයුම් ආනයන, අපනයන ක්‍රියාවලියට බාධාවක් නොවන අයුරින් පෙර පරිදි සිදු කෙරේ. …

Continue Reading

මහින්ද දේශප‍්‍රියගෙන් විශේෂ ඉල්ලීමක්

මහ මැතිවරණය සඳහා දිනයක් තීරණය කරන තුරු අපේක්ෂකයන්ගේ මනාප අංක ලබා නොදෙන බවත් පක්ෂ සහ අපේක්ෂකයන් සියලුම ආකාරයේ ප්‍රචාරක කටයුතු නවතා කොවිඩ් – 19 සතුරා පැරදවීම සඳහා ක්‍රියාත්මක වන ලෙස ඉල්ලා සිටින බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය මුහුණුපොතේ විශේෂ සටහනක් තබමින් පවසයි. මහින්ද දේහප‍්‍රිය මහතා විසින් සිය මුහුණුපොතේ තබා ඇති සටහනේ මෙසේද සදහන් වේ. ‘මේ වෙලාවේ අපි …

Continue Reading

සියළුම සිල්ලර ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නියෝගයක්

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව Chioroquine සහ Hydroxychioroquine නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සියළුම සිල්ලර ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නිවේදනයක් මගින් දැනුම් දී තිබෙනවා. මෙම නියෝගයන් / උපදෙස් උල්ලංඝණය කරනු ලබන සෑම තැනැත්තෙකු විසින්ම වරදක් සිදු කරනු ලබන අතර, 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 131 වන වගන්නිය යටතේ ඔහුට / …

Continue Reading

‘ක්ලොරොක්වීන්’වලින් කොරෝනා ආසාදනය වැළැක්විය නොහැකියි – අනිල් ජාසිංහ

මැලේරියා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී යොදාගත් ‘ක්ලොරොක්වීන්’ Chloroquine නම් ඖෂධය කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන්ට ‘රෝහල් තුළදී පමණක්’ වෛද්‍ය නිර්දේශ මත අවශ්‍ය අවස්ථාවලදී පමණක් ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා යළි අවධාරණය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ විශේෂ නිවේදනයක (අද දින 22* සදහන් වෙයි. මෙම ඖෂධය කොවිඩ් 19 වෛරස ආසාදනයෙන් වැළකීම සදහා භාවිත කිරීම කිසිසේත්ම …

Continue Reading

සියලුම මගී ගුවන් යානා සහ මගී නෞකා දිවයිනට පැමිණීම තහනම් කෙරේ

කොරෝනා වෛරසය පිට රට සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීම නතර කරනු පිණිස සියලුම මගී ගුවන් යානා සහ මගී නෞකා රට තුළට පැමිණීම රජය විසින් තහනම් කර ඇත. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා රට තුළ උද්ගතව ඇති තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු කවර හේතුවක් නිසා හෝ මේ තීරණය ලිහිල් කළ නොහැකි බව රජය කියා සිටී.

Continue Reading

වැඩි වැඩියෙන් ජලය පානය කිරීමෙන් කොරෝනා වෛරසයෙන් ගැළවෙන්න පුළුවන්ද?

කෝවිඩ් -19 පිළිබඳ කටකතාවක් පැතිරී ඇත. ඒ නිතිපතා ජලය පානය කිරීම සහ මුඛයෛ් තෙතමනය තබා ගැනීමෙන් Covid 19 ආසාදනයෙන් ආරක්ෂා විය හැකි බවයි. මෙහි ඇත්ත නැත්ත මෙම ලිපිය මගින් විමසා බලයි මුලින්ම එය කොකේන් පානයෙන් සුව කළ හැකි යැයි විකාර යෝජනාවක් විය. ප්‍රංශ රජය මේ අත්හදා බැලීමට සූදානම් බව ද මේ සමග ප්‍රචාරය විය. සිදුවිය යුතු ලෙස ම මේ ව්‍යාජ අදහස …

Continue Reading

ගම්පහ දිස්ත්‍රික්කයේම සියලුම නගර වීදි විෂබීජ හරණය කිරීමේ වැඩපිළිවෙළක්

ගම්පහ පළාත් පාලන ආයතන 19කට ඉසින යන්ත්‍ර 200 බෙදා දෙයි ඇදිරි නීතිය පවතින කාලය තුළම ගම්පහ දිස්ත්‍රික්කයේම සියලුම නගර වීදි විෂබීජ හරණය කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කරයි. කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මක කරයි. මේ සදහා ගම්පහ දිසිත්‍රික්කයේ පළාත් පාලන ආයතන සදහා ඉසින යන්ත්‍ර බෙදා දීම අද සිදු කෙරිණි. ඉසින …

Continue Reading

සතොස ජංගම රථ මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ මලු ජනතාවට ලබදීමේ වැඩපිළිවෙළක්

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පහව යනතුරු ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩ පිළිවෙලක් රජය ආරම්භ කරයි. සමූපකාර හා සතොස මගින් මෙය ක්‍රියාවට නැංවේ. එය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. වැඩ සටහන ක්‍රියාත්මක වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් අනුවයි. වසංගතය පැතිරයාම වෙලක්වමින් …

Continue Reading

චීනය ගුරුකොට ගෙන ‘ශ‍්‍රී ලංකාවටත් ලොක්ඩවුන්’ ඉල්ලන අය වෙනුවෙනි

කුසල් පෙරේරා ලොක්ඩවුන් යනු සති කිහිපයකට ලංකාවම වූහානය වසා දැමූ ආකාරයට වසා දැමීමකි. එය රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය සහමුලින් අත්හිටුවන ක්‍රියාවලියකි. ඒ සමග රට පුරා විසිර ඇති දහස් ගණනක් කුඩා කඩ හිමියන් අනාථ වනු ඇත. දහස් ගණන් ස්වයං රැකියාලාභීන් අනාථ වනු ඇත. පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් අනාථ වනු ඇත. අපේ රටේ ත්‍රීරෝද රථ මිලියනයක් පමණ ඇත. ඔවුන් දෛනිකව ආදායම් උපයන්නන් …

Continue Reading