රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවකට ජනතාව ජනපතිට බලය දී තිබෙනවා – මහා සංඝරත්නය පෙන්වා දෙති

රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සැකසීමට ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහුතර බලයක් දී ඇතැයි මහා සංඝරත්නය පෙන්වා දෙති. ජනතා අපේක්ෂාව පියවරින් පියවර ඉටු කරමින්  ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිවරයා යන ගමන දෙස මහත් සතුටින් බලා සිටින බව උන්වහන්සේ පැවසූහ. ඓතිහාසික අනුරාධපුරය අටමස්ථානය වැඳ ආශිර්වාද ගත් ජනාධිපතිවරයා අද (12) පෙරවරුවේ ලංකාරාමය, මිරිසවැටිය සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථාන වෙත ගිය අවස්ථාවේ විහාරාධිකාරී හිමිවරු …

Continue Reading

‘රාජ්‍ය ආයතන නිර්දේශපාලනීකරණය කිරීමේ යාන්ත‍්‍රණයේ’ ගමන් මග – 1990 -2020

1977 වරේදී 1972 ජනරජ ව්‍යවස්ථාවට ගෙන ආ දෙවන සංශෝධනය මගින් පළමුවරට ශ‍්‍රි ලංකාව තුල විධායක ජනාධිපතිධූරයක් ස්ථාපනය කරන ලදී. පසුව 1978 නව ජනරජ ව්‍යවස්ථාව තුල වඩාත් ශක්තිමත් විධායක ජනාධිපතිධූරයක් ස්ථාපනය කරන ලදී. මෙම ජනාධිපතිධූරයේ අසීමිත බලතල නිසා සියළුම රාජ්‍ය ආයතන විධායකයට පාලනය කල හැකි තත්වයක් උද්ගත වන ලදී. 1980 දශකය වන විට රාජ්‍ය ආයතන සියල්ලම දැඩි ලෙස දේශපාලණිකරණයට ලක්වූ බව …

Continue Reading

ගොයමට වින කටින වී වර්ගයක ආක්‍රමණයක් – සමහරු රැවටිලා අලුත් වී වර්ගයක් කියලා බෝ කරගෙන

‘කැලේ නහන්නට කැලේ ගහක්ම ඕනෑ‘ යයි පැරණි කතාවක් සමාජයේ පවතී. වර්ගයා විනාශ කිරීමට තමන්ගේම කෙනෙක් හේතුවෙන බව මින් කියවෙනා මතුපිට අර්ථයයි. නවීන විද්‍යාවේ ප්‍රාතිහාර්යයන් හමුවේ පොහොසත්වූ මිනිසා විසින් නිපදවනු ලබන ඇතැම් දෑ, භාවිතයේ ඉතා සුළු එහාමෙහාවකින් සමස්ත මානවයාවම සුසානය කරා රැගෙන යාමට වුවත් ප්‍රමාණවත් බව දැන් පෙනෙන්නට ඇති නිසා ඉහත කී යෙදුම වර්තමානයටත් අපූරුවට ගැලපෙන්නේය. පසුගිය දිනෙකදී අසන්නට ලැබුණු පුවතකින් …

Continue Reading

Covid-19 Global Hot: යුරෝපයේ ආසාදිතයන් වැඩි වෙමින් පවතී

පැය 24ක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනාවෛරස් ආසාදිතයන්ගේ ගණන ප්‍රංශයෙන් නිවේදනය කෙරිණි. ප්‍රංශ බලධාරීන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය අඟහරුවාදා දිනය තුළ පමණක් ආසාදිතයන් 9,843 දෙනෙකු හඳුනාගත් බවය. ඊට පෙර දිනයේ වාර්තා වූයේ ආසාදිතයන් 900කට ආසන්න ප්‍රමාණයක් පමණි. වසංගතය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග හඳුන්වා දීම සඳහා ප්‍රංශ අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් කැඳවා තිබුණු රැස්වීමේ දී මෙම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් …

Continue Reading

රටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට කැපවෙනවා – අගමැතිගෙන් ප්‍රතිඥාවක්

රටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට නව රජය කැපවන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) දින පැවසීය. කොවිඩ්-19 පාලනය කර ගනිමින් රටක් ලෙස යම් ජයග්‍රහණයක් ලැබුවේ නම් ඒ අපේ රටේ පවතින විශිෂ්ට සෞඛ්‍ය සේවය නිසා යැයි ආඩම්බරයෙන් කියන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. කොළඹ හෙද විදුහලේ හෙද සිසුන් 298 දෙනෙකු සේවයට කැපවීම හා හිස් වැසුම් පැළඳවීමේ …

Continue Reading

20 කෙටුම්පත්කරුවන් ජනපති ගැන තිබූ මහජන ගෞරවය කෙළසලා – පැෆරල්

ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බොහෝ ක‍්‍රියාමාර්ග පක්ෂ භේදයකින් තොරව ජනතා ප‍්‍රසාදය දිනාගත් අතර ජනතාව ඔහු කෙරෙහි තැබූ විශ්වාසය පාර්ලිමේන්තු මැතිවරණයේ ඉහළ ජයග‍්‍රහණයටද හේතු වූ බවත් 20 වන ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදකයින් දැන හෝ නොදැන එම මහජන ගෞරවය හා විශ්වාසය පලූදු වන ආකාරයට එය කෙටුම්පත් කර ඇති බව සිය නිරීක්ෂණය බවත් පැෆරල් සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. …

Continue Reading

20 සම්මත කිරීමට පෙර පුළුල් සමාජ සංවාදයක් ඕනෑ – NMSJ

යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය පුලුල් ජනතා සංවාදයකට භාජනය කිරීමෙන් තොරව සම්මත නොකළ යුතු යැයි සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි. යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ස්ථාවරය සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ ස්ථාවරය පැහැදිළි කිරීමේඊයේ (10) කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අවධාරණය විය. මේ සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය …

Continue Reading

පාසල් ළමුන්ට දිනපතා බිත්තරයක් කෑමට දීමට ඇගමැතිගෙන් සැලසුමක්

පාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම සඳහා දෛනිකව බිත්තරයක් ලබාදීම පිළිබඳව සොයා බලන්න යැයි අධ්‍යාපන අමාත්‍යතුමාට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) දින පැවසීය. බේකරි හිමියන්ගේ සංගමය හා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විජේරාම නිල නිවසේදී හමු වූ අවස්ථාවේ අගමැතිවරයා  මේ බව සඳහන් කළේය. බේකරි නිෂ්පාදන සඳහා බිත්තර මිල බලපාන ආකාරය පිළිබඳව බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය විසින් අග්‍රාමාත්‍යතුමා …

Continue Reading

ඔබේ ආත්ම විශ්වාසය වැඩි කිරීමට විද්‍යාත්මක ක්‍රම 7ක්

‘ආත්ම විශ්වාසය- Self-Confidence ’ අප හැමෝම මහත් උනන්දුවක් දක්වන විෂයක්. ඒත් අපි කීයෙන් කී දෙනාට ද අභියෝග, ගැටලූ ඉදිරියේ නොසැලෙන ආත්ම විශ්වාසයක් තියෙන්නේ. ඒ නිසා ආත්ම විශ්වාසය වැඩි දියුණු කර ගැනීම ගැන අපි හැම දෙනාම උනන්දු වෙනවා. ආත්ම විශ්වාසය වැඩි දියුණු කර ගන්නා ආකාරය 07ක් ගැන අපි ඔබට කරුණු ඉදිරිපත් කිරීමට සූදානම්. මේවා හොඳින් කියවා අවබෝධ කර ගන්න. ඔබ ලබන ඉතාම …

Continue Reading

රු‍. මිලියන 1100 ක වියදමින් දිවයින පුරා සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‘ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය’  රුපියල්  මිලියන 1100 ක වියදමින් දිවයිනේ පළාත් නවය පුරාම ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය හා ඉදිරි සැලසුම් විමසා බැලීමේ සාකච්ජාවක් පළාත් පාලන හා පලාත් සභා රාජ්‍ය අමාත්‍යාංශයේදී (10) පැවැත්විනි. පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ව්‍යාපෘති ) එම්.එම්.නජිමුඩීන්  මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වූ මෙම විශේෂ සාකච්ජාවට ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ට සෞඛ්‍ය විශේෂඥ , විශේෂඥ …

Continue Reading