එජා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් 20 වැනි සංශෝධනය ගැන දැක්වූ අදහස්
-
RSL
-
September 15, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා රජය විසින් සම්මත කර ගැනීමට සැලසුම්කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට දැඩි අහිතකර බලපෑම් එල්ල වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිෂමේ 45 වැනි සභාවාරය අමතමින් එහි මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ (Michelle Bachelet) මහත්මිය පැවසුවාය. එහිදී ඇය කියා සිටියේ ශ්‍රී ලංකාවේ සාමයට සහ ප්‍රතිසංධානයට එල්ල වී …
Continue Reading
20 කාව හරි විනාශ කරන්න හදපු ‘මඩ බාල්දියක් – රෝහිණී කවිරත්න
-
RSL
-
September 15, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
‘සෞභ්‍යාගයේ ආණ්ඩුවේ‘ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලයට පිටින් ‘මුදල් බලය‘ කියලා වෙනම බල ව්‍යුහයක් ගොඩනැගී තියෙනවා. තමන්ගේ කැමැත්තට මුදල් වියදම් කරන්නට, නාස්ති කරන්නට තිබෙන ලැදියාව, කෑදරකම කොච්චර ද කියනවා නම්, විගණන කොමිසම ඉවත් කරලා, ප්‍රසම්පාදන කොමිෂන් සභාව වහලා දාලා, රටේ මුදල් වැය කරන හැටි ගැන සොයන්නට, විමසන්නට, පරීක්ෂා කරන්නට තියෙන සියළු මාවත අවහිර කන්නට 20 ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුව උත්සහ කරනවා යැයි …
Continue Reading
ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට දියුණු කරන්න පිළිවන් – ජනපති
පිහිටීම ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. ලෝකයේ දියුණුතම වරායන් ආදර්ශයට ගෙන මෙරට වරාය පහසුකම් සංවර්ධනය කිරීමෙන් සංවර්ධන ඉලක්ක කඩිනමින් ලඟාකරගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. බහලුම් 24,000ක් ප්‍රවාහනය කළහැකි ලොව විශාලතම නෞකා ආකර්ශණය කර ගැනීමට ඉවහල් වන අයුරින් මෙරට වරාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු සහ නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (15) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය. රට ආසන්නයෙන් යාත්‍රා කරන ජාත්‍යන්තර නෞකාවනට සේවා සැපයීමට හැකි පරිදි වරාය පද්ධතිය දියුණු කරමින් කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ ඔලුවිල් වරාය සංවර්ධනය කළ යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය. කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය වේගවත් කළ යුතුය. ප්‍රති නැව්ගත කිරීම හැසිරවීමේ ධාරිතාව, ගුදම් පහසුකම් හා භාණ්ඩ අංගන, සැපයුම් පහසුකම් අන්තර්ජාතික ප්‍රමිතියට වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ. රත්මලාන, පෑලියගොඩ සහ වේයන්ගොඩ ආශ්‍රිතව නව ගුදම් පහසුකම් ඉදි කරමින් කොළඹ වරාය සංක්‍රමණික බහලුම් කේන්ද්‍රයක් (Transshipment Hub) බවට පත්කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය. රජය මැදිහත්වී ඉන්ධන ගබඩා ටැංකි ඉදිකර නැව් වලට ඉන්ධන සැපයීම කළයුතුය. විශාල ප්‍රමාණයේ බෝට්ටු ඉදිකිරීමෙන් පසු ඒවා දියඹට ගෙන යාමට බේරුවල ප්‍රදේශය ආශ්‍රිතව දියත් කිරීමේ යාත්‍රාංගනයක් ඉදිකිරීමට ජනාධිපතිතුමාගේ අනුමැතිය හිමි විය. විදේශ වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් අපනයනය සඳහා නැව් සහ බෝට්ටු නඩත්තුව, අළුත්වැඩියාව හා නිෂ්පාදනය පුළුල් කිරීම, ප්‍රධාන වරාය කේන්ද්‍ර කර ගනිමින් නාවික කාර්ය මණ්ඩල හුවමාරුවට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය. අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු සහ රේඛීය ආයතන ප්‍රධානීහූ සහ වරාය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.
Continue Reading
දරුවන් 46 දෙනෙකු සමඟ සිරගතව සිටින මව්වරුන් පිළිබඳ වාර්තාව අගමැති මහින්දට
-
RSL
-
September 15, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සිරකරු සුභසාධක දිනය වෙනුවෙන් නිකුත් කරන සමරු කොඩිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැළඳවීම අද (15) දින අරලියගහ මන්දිරයේදී සිදු විය. ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ සිරකරු සුභ සාධක සංගමයේ හිටපු උප සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ඒ.ඩී. සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සමරු කොඩිය පැළඳුවේය. කොඩි අලෙවි කිරීමෙන් ලැබෙන මුදල් සෘජුවම සිරකරු සුභ සාධනය වෙනුවෙන් වැය කිරීමට නියමිතය. ජාතික පුවත්පතක පළ …
Continue Reading
20 ගැන අධ්‍යයනයට පත් කළ කමිටුව අගමැතිට වාර්තාව භාර දෙයි
-
RSL
-
September 15, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුව විසින් අදාළ වාර්තාව අද (15) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දෙන ලදී. කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලැබුවේ කැබිනට් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය. විසි වෙනි සංශෝධනය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයේදී හඳුනාගත් අලුතින් එක් කළ යුතු හා සංශෝධනය කළ යුතු කරුණු …
Continue Reading
රවී සමග තියුණු සටනකින් රුවන් එජාප නියෝජ්‍ය නායකත්වය දිනා ගනී
-
RSL
-
September 14, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අද (14) පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පැවති රහස් ඡන්දයකින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පත්කර ගෙන තිබෙනවා. එජාප නියෝජ්‍ය නායකත්වය සදහා එජාප උප නායකයා ලෙස කටයුතු කරන රවී කරුණානායක මහතා ද තරග කළ අතර ඡන්ද විමසීමේදී රුවන් විජේවර්ධන මහතා ඡන්ද 28ක්ද රවී කරුණානායක මහතා ඡන්ද 10ක්ද ලබා ගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ …
Continue Reading
කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ දමා ගොවිජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවලක්
රසායනික පොහොර අවභාවිතය නිසා දේශීය ගොවියාත්, පාරිභෝගික ජනතාවත් බරපතල සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දී ඇතිබවත් ඒ සඳහා තිරසාර විසඳුමක් ලෙස කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ දමා ගොවිජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඇමතිවරයා මේ බව සඳහන් කළේ රසායනික පොහොර භාවිතය හේතුවෙන් සිදුවන පාරිසරික හා සෞඛ්‍යමය ගැටළු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ ජනාධිපතිවරයාගේ සංකල්පය …
Continue Reading
13 වන කොරෝනා මරණය වාර්තා වෙයි
බහරේන් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙක් හලාවත රෝහලේ දී අද (14) මියගොස් තිබේ. ඔහුව පසුගිය 9 වන දා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී සිදුකළ PCR පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් -19 වැළඳී ඇති බව තහවුරුවී තිබේ. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහු 60 හැවිරිදි පුද්ගලයෙක් බවත් පසුගිය 2 වැනිදා මෙරටට පැමිණ ඇති බවය. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහුට හෘදයාබාධයක් ද වැළඳී ඇති බවය. එම පුද්ගලයා නුගේගොඩ පදිංචිකරුවෙකි.
Continue Reading
ශ්‍රී ලංකාවේ ඉතාලියේ තානාපතිනී රීටා ජුලියානා සහ අගමැති මහින්ද අතර හමුවක්
-
RSL
-
September 14, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා ජුලියානා මැනෙල්ලා මහත්මිය අද (14) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූවාය. ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගයෙන් කටයුතු කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව දෙරටේ නියෝජිතයෝ මෙහිදී සාකච්ඡා කළහ. ඉතාලි රජය මේ වන විටත් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන හා කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ආධාර ලබා දී ඇති නමුත් ආහාර සැකසීම, ජලජීවී වගාව සහ පාරිසරික සංචාරක …
Continue Reading
දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරන්න ‘ජනපතිගෙන් සැලැස්මක්’
දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගුකාලීන සැලැස්මක් දියත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. තෘණ වගාව, කිරි ගවයන් බෝ කිරීම සහ පර්යේෂණ ආයතන සේවා වැඩිදියුණු කොට කඩිනමින් ඉලක්ක සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ …
Continue Reading