ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව ආරම්භ කෙරේ

 අනාගත අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව වැදගත් සංධිස්ථානයකට අවතීර්ණ වෙමින් යුද හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව අද දින (12)   ආරම්භ කරන ලදි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් යුද හමුදා මූලස්ථානයෙදී මෙහි සමාරම්භය සනිටුහන් කරන ලදි.   නවීන ඩ්‍රෝනවලින් සමන්විත මෙම රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව හා සහසම්බන්ධතාවයකින් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සිය නවතම …

Continue Reading

ජෝ බයිඩන්ගේ විදේශ ප්‍රතිපත්ති ලෝකය වෙනස් කරයිද ?

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකින පරිදි ලෝකය තුළ ”ඇමෙරිකාව ප්‍රමුඛ”(“America First”) වෙයි. එම ජාතිකවාදී අදහසත් සමඟ ජාත්‍යන්තර ගිවිසුම් අගාධයට හෙලනු ලැබීමක් සිදුකෙරෙයි. ජනාධිපති ට්‍රම්ප්ගේ විශ්වාසය වන්නේ එම ජාත්‍යන්තර ගිවිසුම් ඇමෙරිකා එක්සත් ජනපදයට පලක් නොමැති අසාධාරණ ඒවා වන බවය. ට්‍රම්ප්ගේ එම ස්ථාවරය එක්සත් ජනපදයට පමණක් වාසි සහගත වූවකි. එසේම එය භේද ඇතිකරන සුලු, කඩාකප්පල්කාරී මෙන්ම ඒකපාර්ශ්වීය නිගමනයකි. එපමණක් නොව, එය ඔහුගේ පෞද්ගලිකමය …

Continue Reading

දීපාවලී සමරන්න සෞඛ්‍ය උපදෙස් සහ නිදේශ

මෙවර දීපවාලී උත්සවය සැමරීමේ දී වතුකරයේ ජනතාව හා හින්දු ප්‍රජාව අතර කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබදව වැඩි අවධානයක් යොමු කරමින් එම උත්සවය සැමරිය යුතු ආකාරය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය උපදෙස් හා නිර්දේශයන් හින්දු නායකයින්, ප්‍රජා නායකයින් ඇතුලු හින්දු ආගමික ජනතාවට ලබාදිමට පියවර ගෙන ඇත. ඒ අනුව රටේ පවතින කොවිඩ් -19 වෛරස තත්ත්වයද සමග ලබන නොවැම්බර් මස 14 වන …

Continue Reading

නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව නොවැම්බර් 17 වැනිදා රට හමුවේ තබනවා – අගමැති

රටේ ආර්ථික ස්වාධීනත්වයක් ඇති කිරීම උදෙසා පසුගිය වසර පහ තුළ සිදු වූ විනාශකාරී සමාජ හා ආර්ථික ගමන් මගෙන් ඉවත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යවරයා වශයෙන් 2020 අය-වැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අද (12)  පැවැසීය. 2020 වර්ෂය තුළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වී ඇත්තේ අතුරු සම්මත ගිණුම් 4ක් තුළ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රට විශාල ණය උගුලක …

Continue Reading

මිලියන 201ක දියර පොහොර වංචාවේ පරීක්ෂණ කඩිනම් කරන්න – කෘෂිකර්ම ඇමති

වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි සීමාසහිත ලංකා පොහොර සමාගම අද (12) අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිරීක්ෂණය කළා. මොහාන් සිල්වා, ප්‍රසන්න රණවීර යන රාජ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන්, පොහොර සමාගමේ සභාපති ජනත් විදානගේ මහතා ඇතුළු නිලධාරීන් ද මීට එක්ව සිටියා. 2015 වසරේ දියර පොහොර මිලදී ගැනීමේදී සිදුව ඇති මහා පරිමාණ වංචාවක් පිළිබඳව මෙහිදී නිලධාරීන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කරුණු ඉදිරිපත් කළා. මීට අදාළව …

Continue Reading

කොවිඩ් 19 : Pfizer එන්නත ලැබෙන්නේ කවදා ද?

මිනිසුන් දස දෙනෙකුගෙන් නව දෙනෙකුට කොවිඩ් 19 වැළඳීම වලක්වා ගත හැකි එන්නතක්, හදිසි අනුමැතිය ලබා ගැනීම සඳහා සුදානම්ව පවතී. එය සංවර්ධනය කළ Pfizer සහ BioNTech සමාගම් පවසන්නේ මෙම එන්නත මිනිසුන් 43,500ක් යොදා ගනිමින් අත්හදා බැලූ අතර එහි සුරක්ෂිතභාවය පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් මතු නොවූ බවය. මේ එන්නත කුමක් ද? කෙතරම් ඵලදායක ද? කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා මෙම එන්නත මගින් …

Continue Reading

අද නව ආසාදිතයින් 635ක් – මුළු ආසාදිතයින් ගණන 15,000 පනී

අද (11) දින පස්වරු 22.11 වන විට මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 635ක් වාර්තා වූ බවත් මේ සමග තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව 15,350ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන ආකාරයට මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5121ක් වන අතර දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 523කි. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (11) …

Continue Reading

ණය සහන ගන්න නොවැම්බර් 30ට පෙර ඉල්ලන්න

කොවිඩ්-19 ව්‍යසනයේ දෙවන ව්‍යාප්තිය නිසා ව්‍යාපාර හා පුද්ගලයින් විසින් මුහුණපා ඇති ගැටළු සලකා බලමින්, බලපත්‍රලාභී බැංකු විසින් කොවිඩ්-19 ව්‍යසනය මගින් බලපෑමට ලක්වී ඇති පුද්ගලයන් හා ව්‍යාපාර වෙත ලබා දී ඇති ණය සහනයෝජනා ක්‍රමය 2020 ඔක්තෝබර් 01 දින සිට තවත් මාස හයක කාලයකින් දීර්ඝ කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත නියෝග කර සිටී. සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන් විසින් …

Continue Reading

බස්නාහිර පළාතෙන් පිටවීම සම්පූර්ණයෙන් තහනම්

මේ දැනුම් දෙන මොහොතේ සිට (2020 නොවැම්බර් 11 පස්වරු 19.30) 15 වැනි ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු පුද්ලගයෙකුට බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරිම තහනම් කර තිබෙන බව කෝවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි.

Continue Reading

Update: මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළට – අද දින මරණ 04ක්

අද (11) දින 46වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය. එසේ මියගොස් ඇත්තේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත. මෙම රෝගියා මියයාමෙන් පසු සිදුකරන ලද  PCR පරික්ෂණයෙන් ඔහු කොවිඩ් -19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇත. මරණයට හේතුව වශයෙන් දැක්වෙන්නේ ලියුකේමියා …

Continue Reading