‘7% පොළියට නිවාස ණය ලැබෙන හැටි’ මහ බැංකුව පැහැදිලි කරයි

අඩු වී ඇති අරමුදල් පිරිවැයෙහි ප්‍රතිලාභ නව සහ පවත්නා ණය පහසුකම් සඳහා කඩිනමින් ඔවුන්ගේ ණය ලබාගන්නන් හට ලබා දෙන ලෙස ප්‍රධාන වශයෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු (LCBs) ඇතුළු සියලුම මූල්‍ය ආයතනවලින් මුදල් මණ්ඩලය දැඩිව ඉල්ලා සිටී. 2021 අයවැයෙන් රජය විසින් යෝජනා කරන ලද සහන ණය යෝජනා ක්‍රමවලට අනුපූරකව, බලපත්‍රලාභී බැංකුවලින් වැටුප් ලබන සේවකයින් (එනම් බැංකු ගිණුමක් හරහා වැටුප් ලබන සේවකයින්) ලබා …

Continue Reading

සමාරම්භයේදීම කැන්ඩි ටස්කර්ස්ගෙන් දැවැන්ත ඉලක්කයක්

අභිනව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ ශතක ලාභියා ලෙසින් තම නම ඉතිහාස කරගත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වූ රහමනුල්ලා ගුර්බාස්ගේ අනුකම්පා විරහිත පිතිහරඹය හේතුවෙන් කලම්බු කිංග්ස් පිල හමුවේ ලකුණු 220 ක අභියෝගාත්මක ඉලක්කයක් තැබීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට අද (26 දා) හැකියාව ලැබිණ. ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් කරන ලද විචිත්‍රවත් සමාරම්භ උළෙලකින් පසු ඇරැඹි එල්.පී.එල්. පළමු තරගයේ  පළමු හතරේ පහර එල්ල …

Continue Reading

My11Circle ලංකා ප්‍රිමියර් ලීග් ආරම්භ වෙයි

මෙතෙක් සිහිනයක්ව පැවැති පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියක අඩුව ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කරමින් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ පැය 24 කටත් වඩා අඩු කාලයකි. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු කිංග්ස් සහ කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ටස්කර්ස් අතර නොවැම්බර් මස 26 වැනිදා ප.ව. 7.30 ට ආරම්භවීමට නියමිත තරගයෙන් මෙම අභිනව ලීග් …

Continue Reading

ඉතියෝපියාවේ යුධ කලාපයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයන් 38 ක් බේරා ගැනේ

 ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් තිස් අට දෙනෙකු (38) සාර්ථකව ඉවත් කර ගැනිමට හැකි වී ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. විදේශ අමාත්‍යාංශය ඉතියෝපියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉතියෝපියාවේ තානාපති කාර්යාලය මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස යුධ කලාපයෙන් මුදවා ගෙන ඇත. ශ්‍රී ලාංකිකයන් සහ තවත් රටවල් ගණනාවකට අයත් විදේශිකයන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත රිය පෙළකින් …

Continue Reading

‘සා.පෙළ ගැන’ කඩිනම් තීන්දුවක්

අද දින (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාර්ගගත ක්‍රමයට පැවති රජයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉදිරිපත් කරන ලද කරුණු පසුගිය දින කිහිපය තුළම සාමාන්‍ය පෙළට මුහුණ දීමට සිටින දරුවන්ගෙන් සහ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ගෙන් විෂය නිර්දේශ ආවරණය පිළිබඳව දත්ත ලබාගෙන ලබාගනිමින් පවතින අතර එම දත්ත සහ සාධක මත අවශ්‍ය තීන්දු තීරණ ගැනීම ඉදිරියේදී සිදුවන බවත් දුරස්ථ ක්‍රමයට එම ඒකක කොපමණ ප්‍රමාණයක් ආවරණය …

Continue Reading

ධරණීය නීල ආර්ථිකය බෙංගාල බොක්ක ආශ්‍රීත රටවල අනාගතය බව ශ්‍රී ලංකාව පවසයි

ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව සුරක්ෂිත මෙන්ම ආරක්ෂාකාරී ලෙස යාත්‍රා කිරීමත්, සාමකාමී මෙන්ම ධරණීය ලෙස සමුද්‍රීය සම්පත්වලින් ප්‍රයෝජන ගැනීමත්, බෙංගාල  බොක්ක ආශ්‍රිත කළාපයේ සහ බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (BIMSTEC) රටවල අප සියලුදෙනාම ප්‍රමුඛත්වයක් ලෙස සලකන බවත්, ශ්‍රී ලංකාව එකී ප්‍රමුඛතාව පිළිබදව විශ්වාස කරන අතරම එය ප්‍රවර්ධනය කිරීමටත් කටයුතු කරන බව,  2020 නොවැම්බර් 20-21 දිනයන්හි තායිලන්තයේ බැංකොක්හි පැවැති BIMSTEC විශේෂ  මහජන උත්සවය අමතමින් …

Continue Reading

කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශිය උපදේශක කාරක සභාවෙන් තීන්දු රැසක්

පොහොර සහනාධාරය ලබා දෙන සෑම ගොවියකුගෙන්ම ලබන කන්නයේ සිට රුපියල් 50 ක සහතික මිලකට හෙක්ටයාර් එකකින් කිලෝ 1000 බැගින් වී මිලදි ගැනීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැවසීය. වී ගබඩා කිරීමේ කටයුතු කාර්යක්ෂම හා ආරක්ෂිතව සිදු කිරීම සඳහා ගබඩා සංකිර්ණ අලුත්වැඩියා කිරීමට වී අළෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 100 ප්‍රතිපාදන වෙන් කර ඇති බවද ඇමතිවරයා පැවසීය. වී …

Continue Reading

‘තාක්ෂණ අමාත්‍යාංශය’ ජනපති යටතට

කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා යන සියලු ක්ෂේත්‍ර අනාගතයේ දී තාක්ෂණය මත යැපෙන ආර්ථික අංශ බවට පත් වේ. 21 වැනි සියවසේදී නව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන, ආර්ථික අංශ සමග බද්ධ කිරීමට රජය අපේක්ෂා කරයි. නොවැම්බර් මස 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනය ප්‍රකාර ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගැනීමට පියවර ගෙන …

Continue Reading

මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යධූරය රියර් අද්මිරාල් සරත් වීරසේකරට

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධූරයේ අද (26) දින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ  දිවුරුම් දුන්නේය. මේ අතර චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Continue Reading

නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක්

කොවිඩ් 19 වසංගතය පාලනය පිණිස රෝගාශ්‍රිතයන් සඳහා ක්‍රියාත්මක නිවෙස්ගත නිරෝධායනය නිසි ලෙස සිදුවන බව සහතික කරනු වස් නිරීක්ෂණ යාන්ත්‍රණයක් සැලසුම් කර තිබේ. නිරීක්ෂණ කාර්යය ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමකට පැවරේ. ආර්ථික සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර, සමෘද්ධි සංවර්ධන, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීහූ, ග්‍රාම නිලධාරීවරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලිස් නිලධාරීහු ඊට අයත් වෙති. කොවිඩ් වසංගතය පාලනය පිණිස සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් …

Continue Reading