කෝවිඩ් වතුරවලින් බෝවෙන රෝගයක් නෙමෙයි – වෛරස විද්‍යා විශේෂඥ, මහාචාර්ය මලික් පීරිස්

කොරෝනාවෛරසය වැළඳී මියගිය කිසිවෙකු භූමදානය කිරීම හේතුවෙන් වෛරසය භූගත ජලයට එකතුවිය හැකි බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමු වී නැති බව ජගත් කීර්තියට පත් ලොව ඉහළම පෙළේ වෛරස විද්‍යාව පිළිබඳ විද්‍යාඥයෙකු ද මහාචාර්ය මලික් පීරිස් කියයි. බී.බී.සී සන්දේශය වෙබ් අඩවිය සමග පසුගිය දා සූම් තාක්ෂණය ඔස්සේ සිදුකළ සංවාදයකදී මහාචාර්ය මලික් පීරිස් මහතා මේ බව අවධාරණය කළේය. ව්‍යාධි විද්‍යා විශේෂඥයෙකු ද (Pathologist) …

Continue Reading

Hot Plate: අගමැති මහින්දට බන්දුලගෙන් පගාවක්

සටහන – ගජබා නාගහවත්ත මෙවර කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වූයේ ද වීඩියෝ තාක්ෂණය ඔස්සේය. ඒ පහුගිය සඳුදාය. සවස 5.00 ට ආරම්භ වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීමට කලින්ම බොහෝ ඇමතිවරු තම තමන්ගේ ආසන වලට පැමිණ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ වී සිටියේ ජනාධිපති ගෝඨාභය පැමිණෙන තුරුය. ඒ අතරතුර අලි කථාවක් ඇදී ආවේය‍. “මේ දවස් වල සෝෂල් මීඩියා වල යනවා අලි …

Continue Reading

ප්‍රජාතන්ත්‍රවාදයට මිලක් !

බලවතුන් සහ බලගතු තීරකයින් විසින් සිදුකරණ ආපදා බොහෝ අය නම් කරන්නේ මානවයින් විසින් නිර්මාණය කරන ලද ආපදා වශයෙනි. මා මේ ලිවීමට යන්නේ අපේ රට සහ අපේ වැනි තවත් රටවල් මුහුණ දෙන එවැනි මානව ආපදාවක් ගැන ය. එනම් මැතිවරණ පිරිවැය ආපදාව ගැනය. මැතිවරණ පිරිවැය පිළිබඳව කතා කිරීම වැදගත් යැයි මට හැඟුනේ කාරණා දෙකක් නිසා ය. එක කරුණක් වන්නේ ආණ්ඩුව පළාත් සභා …

Continue Reading

Covid-19 ආසාදිත මරණ 06ක්: මුළු මරණ සංඛ්‍යාව 171ක් දක්වා ඉහළට

අද (19) තවත් කොවිඩ්-19 මරණ 06ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් තහවුරු කළ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 171ක් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වෙයි. මේ අතර අද දින ප.ව 21.30ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ තවත් ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වූයේ අද දින කොවිඩ්-19 …

Continue Reading

කොවිඩ් 19 එන්නත් ලංකාවට ලබාදීම ගැන WHO නියෝජිතයින් සමග සාකච්ඡා

ශ්‍රී ලංකාව තුළ ඉතා සාර්ථක ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර ඒ හරහා මෙරට ජනතාවගේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ මට්ටමක පැවැති බවත් නැවත එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබදව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ මහත්මිය හමුවේ අවධාරණය කළාය. රාජ්‍ය අමාත්‍යවරිය …

Continue Reading

ඖෂධයකට හෝ එන්නතකට ‘විද්‍යාත්මකව’ අනුමැතිය ලැබෙන ආකාරය දැන ගනිමු

කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය ඇති කිරීම සදහා කෑගල්ලේ කපු මහතෙකු විසින් හදුන්වා දුන් බව කියන ‘හෙළ ඖෂධය‘ ඇතුළු දේශීය ඖෂධ සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ බලවත් අවධානයක් සහ ආන්දෝලනයක් තිබෙනවා. ඒ සමග බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක් තමයි ‘යම් කිසි ඔසුවක් / ඖෂධයක් හෝ එන්නතක් විද්‍යාත්මකව තහවුරු කර ගන්නේ කෙසේද ? යන්න. මේ ප්‍රශ්නය අතිෂයින්ම වැදගත්. මොකද එවැනි විද්‍යාත්මක හා …

Continue Reading

සංචාරක කර්මාන්තය ගොඩනගන්න ක්‍රමවත් සෞඛ්‍ය මෙහෙයුමක්

කොවිඩ් 19 තත්වය සමග විවෘතව පවතින රටතුළ සංචාරක ව්‍යාපාරය නැවත පණගැන්වීමට අවශ්‍ය සෞඛ්‍ය වටපිටාව වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් සෞඛ්‍ය බලධාරීන්ට අද (18) උපදෙස් දෙනු ලැබුවාය. කොවිඩ් 19 හේතුවෙන් බිදවැටී ඇති සංචාරක කර්මාන්තය නැවත ගොඩනැගීම මේ මොහොතේ සිදුකල යුතු කාර්යක් බවත් ඒ …

Continue Reading

21 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම (18 දා) උදෑසන දකුණු අප්‍රිකාව බලා පිටත්ව යනු ඇත. මෙම සංචාරයට සහභාගිවන කණ්ඩායමම ලබන ජනවාරි මසදී එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහාද ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලිය ඉලක්ක කර ගනිමින් එල්. පී. …

Continue Reading

බස්නාහිර පළාතෙන් පිටවන මගීන් කොවිඩ්-19 රැපිඩ් ඇන්ටිජන් සහ අහඹූ නියැදි පරීක්ෂාවට

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාතෙන් අනෙකුත් දිස්ත්‍රික්ක වෙත ගමන් ගන්නා වූ ජනතාවගෙන් කොවිඩ් – 19 අහඹූ නියැදියන් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අද දින (18) සිට සිදු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.  සංචාරක ජනතාවගෙන් පිටපළාත්වලට වෛරසය පැතිරීමේ වැළැක්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා …

Continue Reading

ඔන්ලයින් අධ්‍යාපනය නිසා ‘දෘෂ්ටි රෝගවලට ලක්වන’ දරුවන්ගේ ඉහළ වර්ධනයක්

කොරෝනා වසංගතයත් සමග ඔන් ලයින් අධ්‍යාපනයට වැඩි වශයෙන් යොමු වී තිබීම නිසා දිනකට දෘෂ්ටි රෝගාබාධ වලට ලක් වු පාසල් දරුවන් විසි තිස් දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලේ අක්ෂී සායනය වෙත පැමිණෙන බව එම රෝහලේ අක්ෂී ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රියංග ඉද්දවෙල මහතා පැවසීය. එම නිසා අඛණ්ඩව පරිගනකයේ හෝ ජංගම දුරකතනයේ තිරය දෙස නොබලන ලෙසත් මිනිත්තු 20 න් 20 ට අඩුම …

Continue Reading