දේශපාලන පක්ෂ නියෝජිතයින් අද මැතිවරණ කොමිසමට

දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (08) කැඳවා තිබෙනවා. ඒ අනුව අද පෙරවරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා සියලු පක්ෂවල ලේකම්වරුන්ට හා නියෝජිතයින්ට කැඳවීමක් සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ සභාව මඟින් යෝජනා කර ඇති මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජි පුංචිහේවා ප්‍රකාශ කළේ.

Continue Reading

සර්ව පාක්ෂික සාකච්ඡාවල යෝජනා අද සියලුම පක්ෂවලට ලබාදෙයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග පැවැති සාකච්ඡාවලදී ඉදිරිපත් වු යෝජනා එම සාකච්ඡාවලට සහභාගී වු සියලූ පක්ෂවලට අද (08) දිනයේ ලබාදීමට නියමිතව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජනබලවේග සහ තවත් දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ මෙම සතියේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මේ වන විටත සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, පාර්ලිමේන්තුවේ ස්වාධීන වු පක්ෂ 10 …

Continue Reading

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන හෙට ජනපති හා ජවිපෙ අතර සාකච්ඡාවක්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (09) හමුවන බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ඒ අනුව අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විටත් පොදුජන පෙරමුණ සමඟ ආණ්ඩුවක් පිහිටුවා අවසන් බවයි. ආණ්ඩුවක් නිර්මාණය කර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා …

Continue Reading

ලංගම හරහා ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීමට නිර්දේශ

ලංකා ගමනාගමන මණ්ඩලය හරහා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු තවදුරටත් විධිමත් කිරීමට අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (05) කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ විසින් මේ බව පෙන්වාදී තිබෙනවා. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට ඉන්ධන, විදුලිය, ආහාර, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, ඖෂධ ඇතුළු සේවාවන් අඛණ්ඩව සැපයීමේ දිගුකාලීන හා කෙටිකාලීන වැඩපිළිවෙලවල් සකස් …

Continue Reading

අද පෞද්ගලික බස් රථ වර්ජනයක

පෞද්ගලික බස් සංගම් කිහිපයක් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබෙනවා. QR කේත ක්‍රමයට ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේ. එසේම ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට සිදු කළ බස් ගාස්තු අඩු කිරීම බස් සංගම් …

Continue Reading

තෙල් බෙදීම කාර්යක්ෂම කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධාරණය

ඛනිජ තෙල් බෙදා හැරීම දැනට වඩා කාර්යක්ෂමව සහ විධිමත්ව සිදු කිරීමේ අවශ්‍යතාව ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) අවධාරණය කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙසේ අවධාරණය කළේ, ආණ්ඩුව ජනතාවට ලබාදෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අසාධාරණ ලෙස ඉහල දැමීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ය. විජිත් …

Continue Reading

අන්තර්කාලීන අයවැය සැප්තැම්බර් පළමු සතියේ පාර්ලිමේන්තුවට

සැප්තැම්බර් පළමු සතියේ අන්තර්කාලීන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව එමගින් ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී. එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම සමග අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති …

Continue Reading

ජනපති හා සජිත් අතර හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් අද (05) පැවැත්වීමට නියමිතයි. සර්ව පාක්ෂික ආණ්ඩුව, පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ඇතුළු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක සඳහන් කළේ.

Continue Reading

සේවයන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් ගැසට් නිවේදනයක්

රජයේ සේවයන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විදුලිය, ඛනිජ තෙල්, රෝහල් සේවය අත්‍යාවශ්‍ය සේවයන් ලෙස ප්‍රකාශයට පත් කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. අදාළ ගැසට් නිවේදනය පහතින්,

Continue Reading

ශ්‍රීලනිපය හා ජනපති අතර හමුවක් අද

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව එම සාකච්ඡාව අද පස්වරු 4.00 ට පැවැත්වීමට නියමිත බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ. පවතින අර්බුදය විසඳීම සඳහා කුඩා කැබිනට් මණ්ඩලයක්, නිශ්චිත වැඩසටහනක් සහ නිශ්චිත කාලවකවානුවක් සහිතව සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටවිය යුතු බවයි ඔහු සඳහන් …

Continue Reading