කටින් බතල කොළ හිටවන ඇමැතිවරු ආණ්ඩුවටයි රටටයි අවාසනාවක් – සිංහල රාවය

ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණ පොරොන්දුවක් දෙක්ක පමණක් ඉටු කිරීමෙන් 69 ලක්ෂයක ජනතාව සතුටු කළ නොහැකි බවත්, ජාතික වශයෙන්, ආගමික වශයෙන් එහි තිබෙන අති සංවේදී සහ වැදගත් ප්‍රමුඛ පොරොන්දු ඉටු කිරිමට රජයට තවමත් කාලය සහ හැකියාව ඇති බවත් සිංහල රාවය පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියෝ කියති මෙහිදී උන් වහන්සේ සදහන් කරන්නේ පසුගිය මහ මැතිවරණයේදී දේශපලනයෙන් අතුගා දැමූ ජාති …

Continue Reading

EU පාර්ලිමේන්තු යෝජනාව ශ්‍රී ලංකා ආර්ථිකයේ අවසන් හුස්ම පොද සිරකරනු ඇත !

ශ්‍රී ලංකාවට ලබා දෙන ජී.එස්.පී. පලස් සහනය ඉවත් කළ යුතු දැයි සළකා බැලීමට යුරෝපා පාර්ලිමේන්තුව ඊයේ යෝජනාවක් සම්මත කොට ගෙන ඇත.  ඒ අනුව, ජීඑස්පී සහනය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන්නේ දැයි සලකා බැලීමට යුරෝපා කොමිසම ඉදිරියේ දී කටයුතු කරනු ඇත. මන්ත්‍රීවරුන් 705 ක් සිටින යුරෝපා පාර්ලිමේන්තුවේ වැඩිම පිරිසක් ලංකාවට එරෙහිව යෝජනාවකට ඡන්දය ප්‍රකාශ කළ අවස්ථාව ලෙස ඊයේ ජීඑස්පී සහනය …

Continue Reading

Covid-19: තවත් මරණ 62ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත මරණ 62ක් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (11) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙම මරණ සමග කොවිඩ් ආසාදනයෙන්ම මෙරට මියගිය සමස්ත පිරිස 2073ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. එම නිල මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

Continue Reading

ජනතාව කබලෙන් ලිපට – සියලුම ඉන්ධන වර්ගවල මිල ඉහළට

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7 කින් ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 7 කින් ද, ඉහළ දමා තිබේ. ඉන්ධන මිල සංශෝධනය කිරීමට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. අමාත්‍යවරයා …

Continue Reading

අවස්ථාවාදීන් 2000ක් නිසා ‘දකුණු කොරියානු රැකියා‘ අවස්ථා අනතුරේ !

දකුණු කොරියාවේ නීත්‍යානුකුලව රැකිවල නිරතවී තම සේවා කාලය අවසන්ව, තවදුරටත් වලංගු විසා බලපත්‍ර නොමැතිව නිති විරෝධි අන්දමින් රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 2000කට ආසන්න පිරිසක් නිසා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියානු රැකියා අහිමි වීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ශ්‍රී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සඳහන් කරයි. රට පමණක් නොව තමන් ද අනතුරේ දමමින් සිටින මෙම ශ්‍රමිකයන් වහාම මව්බිමට ගෙන්වා …

Continue Reading

ජාතික වෘක්කවේද (වකුගඩු) විශේෂිත රෝහල ජනපති අතින් ජනතා අයිතියට

පොළොන්නරුවේ ඉදිකෙරුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්අෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ චීනයේ සිදුකෙරුණු සංචාරයේ දී කළ ඉල්ලීමකට අනුව චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස රෝහල් සංකීර්ණය මෙරටට හිමි විය.   චීන සහශ්‍රී ලංකා පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකෙරුණු රෝහල් සංකීර්ණය අක්කර 16ක භූමි ප්‍රමාණයක විහිදී තිබේ. ඒ සඳහා වැය කෙරුණු  මුදල රුපියල් කෝටි 1200ක් වන අතර ඉදිකිරීම් සඳහා ගතවු කාලය මාස 30කි. වකුගඩු බද්ධ කිරීම සඳහා නවීන පහසුකම් සහිත ශල්‍යාගාර 05කින් යුත් මෙහි රෝගීන් 200 කට නේවාසික පහසුකම් සැපයේ.  දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව 20කි. යන්ත්‍ර 100කින් සමන්විත රුධිර කාන්දුකරණ ඒකකයක්, වකුගඩු රෝගී සායන සංකීර්ණයක්, අති නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර හා පර්යේෂණාගාර, විකිරණ සහ සී.ටී ස්කෑන් සේවාව සහ නවීන ශ්‍රවණාගාරයක් මීට අයත් වේ.  වාහන 300ක් නවතා තැබිය හැකි රථ ගාලක් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සෑම අයෙකුටම නේවාසිකාගාර පහසුකම් සැලසුම් කර තිබීම විශේෂත්වයකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමරු ඵලකය නිරාවරණය කර රෝහල් සංකීර්ණය විවෘත කෙරිණ. රෝහලේ කාර්යභාරය පිළිබඳව පොළොන්නරුව මහා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා විස්තර කළේය. ජනාධිපතිවරයා ඇතුළු ආරාධිත පිරිස රුධිර කාන්දුකරණ ඒකකය, ශල්‍යාගාරය, දැඩි සත්කාර ඒකකය ඇතුළු රෝහල් සංකීර්ණය නිරීක්ෂණය කළහ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. චෙන්ග් හොන්ග් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුයි – අගමැති

ජනතාව සඳහා කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ලබා දීමට ආයතන ප්‍රධානීන්  වගබලා ගත යුතුයැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය. එම කාර්යයේ දී ආයතන ප්‍රධානීන් වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සේවා නියුතිකයින්ගේ භාර අරමුදලේ (ETF) වර්තමාන තත්ත්වය පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය …

Continue Reading

ශ්‍රී ලංකාවට දුන් GSP+ අත්හිටුවීමට යුරෝපා පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරයි

ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සහ බලාත්මක කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට දිගින් දිගටම අපොහොසත් වී ඇති හෙයින් ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය තාවකාලිකව අත්හිටුවීම  සම්බන්ධයෙන් සලකා බලන්නැයි යුරෝපා කොමිසමෙන් ඉල්ලමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ 705/628ක අති බහුතර ඡන්දයකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ඊයේ (10) සම්මත කර ගන ඇතැයි බ්‍රසල්ස් හී තානාපති ආරංචි මාර්ග කියනවා. යුරෝපා …

Continue Reading

සංචරණ සීමා ජූනි 21 දා දක්වා දීර්ඝ කරයි

දැනට බලපැවැත්වෙන සංචරණ සීමා ලබන 14 වැනිදා ඉවත් කරන බව ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ ද එම තීරණය වෙනස් කර දැනට පවතින සංචරණ සිමා 21 වැනි දා අලුයම 4.00  තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙහිදී ලබාදී ඇති සහන ගැන අදහස් දක්වමින් යුධ හමුදාපතිවරයා කර්මානත ශාලා, වැඩබිම් සහ සති පොළවල්වලට …

Continue Reading

කොවිඩ් ආසාදිත මරණ ගණන 100 පනී

මෙරට වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද (11) වසංගත රෝග විද්‍යා අංශය විසින් ප්‍රකාශයට පත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. මෙසේ මියගොස් ඇති පිරිස 101ක් බවයි එම මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ. වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරනු ලබන කොවිඩ් ආසාදිත මරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ තුළ දැඩි විවේචනයක් පවතින අතර රජයේ …

Continue Reading