ඔලිම්පික් යන කණ්ඩායමට රු. මිලියන 46.2ක්
ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම අයෝජනය සිදුකරමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් මිලියන 46.2ක පිරිවැයක් දරන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජාතික ක්‍රීඩා සභාව හා උසස් දක්ෂතා කමිටුවෙන් නිර්දේශිත මුදල් චෙක්පත ලබාදෙමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් …
Continue Reading
සංචරණ සීමා තව දුරටල් ලිහිල් කරයි
දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සංචරණ සීමා තව දුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (16) නව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආගමි ස්ථාන සහ ආගමික උත්සව, සත්ව උද්‍යාන, වනජීවී උද්‍යාන, ක්‍රීඩා තරග ඇතුළු ක්‍රියාකාරකම් 10ක් යටතේ සංචරණ සීමා ලිහිල් කිරීම් ගැන එම නිවේදනයේ සදහන්. එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
Continue Reading
15 හැවිරිදි දැරිය දූෂණය කළ මාලදිවයිනේ හිටපු මුදල් ඇමැතිට ඇප – තවත් 03ක් යළි රක්ෂිතයට
ගල්කිස්ස ප්‍රදේශයේ පහළොස් හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ මිල දී ගෙන දූෂණය කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී එම දැරිය විසින් අද (16) සැකකරුවන් සිව් දෙනකුව හඳුනා ගත්තාය. දැරිය විසින් හඳුනාගත් සැකරුවන් වූයේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙක් වන මොහොමඩ් අෂ්මලි, බම්බලපිටිය සහ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි හෝටල් දෙකක කළමනාකරුවන් දෙදෙනෙකු සහ හෝටල් සේවකයෙකි. මාලදිවයන් හිටපු …
Continue Reading
නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ‘ජංගම එන්නතකරණ‘ සේවාවක්
රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. රට පුරා දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කර තිබේ. එහෙත් රෝගාබාධයන්ට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි පිරිසට එන්නත ලබාදීම ගැටලුවක්ව පවතී. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහාය ඇතිව හෝ විශේෂ දුරකථන අංක ඔස්සේ තොරතුරු ගෙන, ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළ …
Continue Reading
ඉන්දියාවට එරෙහි එක්දින සටනේ තරග තීරක තනතුර මඩුගල්ලේට
-
Editor
-
July 15, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම පිළිගැනීමකට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයකු වන රංජන් මඩුගල්ලේ මහතා නැවතත් මෙම මස 18 වැනිදා ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වන එක්දින සහ විස්සයි-20 තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් කටයුතු කරනු ඇත. ඔහුට අමතරව ලොව අංක 1 විනිසුරුවරයා ලෙසින් ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටින අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රභූ විනිසුරු මඩුල්ලේ සාමාජිකයකු ලෙසින් කටයුතු කරන කුමාර් ධර්මසේන මහතා ද මෙම …
Continue Reading
නුවරඑළිය අල ගොවීන්ට රසායනික පොහොර පින පෑදෙයි
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අල ගොවීන්ට මෙම කන්නයට අවශ්‍ය රසායනික අල පොහොර ටොන් 4600ක් ලබාදීමට පොරොන්දු වී ඇති බව වනජීවී හා වන රක්‍ෂණ අමාත්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පැවසීය. අල පොහොර ටොන් 350 ක් ඊයේ දිනයේත් නුවරඑළියට ලැබුණු බවත් අල ගොවීන්ට පොහොර නොමැති වුවහොත් ඔවුන් දැඩි අපහසුතාවට පත්වන බවත් අමාත්‍යවරයා පැවසීය. ”අල ගොවීන් හෙක්ටයාර් 20, 25 ක් වගා කරනවා. කාබනික පොහොර …
Continue Reading
ආණ්ඩුව එහෙට මෙහෙට බෝලේ පාස් කරනවා විතරයි – සුනිල් හඳුන්නෙත්ති
මුදල් හොයන්න දන්නා බව කියා සිටියද ආණ්ඩුවේ අය දන්නේ තමන්ට මුදල් සොයා ගන්න ක්‍රමය විතර යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි. සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසූවේ අද (15) පෙරවරුවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්… “මේ වනවිට අපේ රටේ විදේශ විනිමය සහ …
Continue Reading
මැතිවරණ නීතී ප්‍රතිසංස්කරණයට යෝජනා හා අදහස් 138 ක්
-
Editor
-
July 15, 2021
-
දේශපාලන
-
featured
-
0 Comments
මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව, ඒ සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පිළිගත් දේශපාලන පක්ෂ 10 කින් යෝජනා හා අදහස් ඉදිරිපත් වී ඇතැයි කාරක සභාවේ සභාපති, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (14) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැති එම කාරක සභා රැස්වීමේදී පැවසීය. යෝජනා ඉදිරිපත් කිරීමට පිළිගත් දේශපාලන පක්ෂවලට ලබා දී තිබූ කාලය ජූලි 15 වැනිදා අවසන් …
Continue Reading
ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් 19ක් හදුනා ගනී
‘ඩෙල්ටා‘ නමින් හැඳින්වෙන ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 19 දෙනෙකු මෙරට ප්‍රදේශ කිහිපයකින් සොයාගෙන ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. කොළඹ, යාපනය සහ කිලිනොච්චි වැනි ප්‍රදේශවලින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවත් එක් ආසාදිතයෙකු පිළියන්දල පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු බවත් වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කළා. අලුතින් හදුනාගත් ආසාදිතයින් 19 දෙනා සමග මෙරටින් වාර්තා …
Continue Reading
කියුබානු කොමියුනිස්ට් ආණ්ඩුව ‘ජනතා විරෝධතා හමුවේ‘ දණ ගසයි !
ඉරිදා ආරම්භ වූ රටපුරා ඇති වූ නොසන්සුන්තාව මෑත කාලයේ පෙර නොවූ විරූ විය පසුගිය දිනවල කියුබාවේ අගනුවර ඇතුළු පළාත් රැසක ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය දෑ සඳහා ආනයන බදු සහ සංචාරකයින් විසින් රැගෙන එන එවැනි භාණ්ඩ සඳහා වන සීමාවන් ද කියුබානු රජය විසින් තාවකාලිකව ඉවත්කර ඇත. අගමැති මැනුවෙල් මාරෙරෝ කෟෟස් අද (15) රාජ්‍ය රූපවාහිනිය මගින් ජනතාව අමතා …
Continue Reading