ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව: ‘එන්නත් කිරීමේ මධ්‍යස්ථානවල අනවශ්‍ය තදබදයක් එපා‘
ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාවන් සඳහා එන්නත් කිරීම අද (01) ආරම්භ වූ බැවින්, එන්නත් කිරීමේ මධ්‍යස්ථානවල අනවශ්‍ය තදබදයක් ඇති නොකරන ලෙස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය. තමන්ට එන්නත් ලබා ගැනීමට මිනිසුන්ට ප්‍රමාණවත් කාලයක් තිබෙන බවත් එම නිසා එන්නත් මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් වළක්වා ගන්නා ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය. ‘‘ඇස්ට්‍රාසෙනෙකා හි දෙවන මාත්‍රාව ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් බස්නාහිර පළාතේ විශාල …
Continue Reading
ඩෙල්ටා ආසාදිතයින් ඉහළ යාම සමග ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයම අනතුරේ – WHO
ශ්‍රී ලංකාව ඇතුළුව ගෝලීය වශයෙන් යළි COVID19 රෝගීන් ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසයි. ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඩෙල්ටා ප්‍රභේදය, සමාජ මිශ්‍ර වීම/සංචලතාව වැඩි වීම, අසමාන එන්නත් කිරීම මඟින් මෙම ඉහළ යාම සිදුවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. “අමාරුවෙන් දිනා ගත් ජයග්‍රහණ අනතුරේ පවතින අතර සෞඛ්‍ය පද්ධති යටපත් වෙමින් පවතින බව” ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. …
Continue Reading
‘තව මාස දෙකකින් ලංකාවේ තත්ත්වය බරපතළ වේවි’
කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම තත්ත්වය ඉදිරි මාස දෙක තුළ අත්විඳීමට සිදුවනු ඇති බවට මහාචාර්ය මලික් පීරිස් මහතා අනතුරු අඟවනවා. ජාතික විද්‍යා පදනම විසින් පසුගිය දා කොළඹදී සංවිධාන කර තිබූ උත්සවයකට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමින් මහාචාර්යවරයා මේ අනතුරු ඇගයීම කළා. මහාචාර්ය මලික් පීරිස් මහතා මෙසේ ද සදහන් කළා. “මේ වන විට ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වන නව …
Continue Reading
පොදු ප්‍රවාහන සේවා ගැන නිවේදනයක්
අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බැවින් රාජකාරි කටයුතු සඳහා පමණක් අන්තර් පළාත් බස්රථ හා දුම්රිය සේවා භාවිත කරන්නැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ, සභාපති, කිංස්ලි රණවක මහතා සදහන් කරන්නේ සේවය සඳහා පැමිණෙන අයට කිසිදු ගැටලුවක් නොමැතිව බස්රථ ලබාදීමට ගමනා ගමන මණ්ඩල පියවර ගන්නා බවයි. මේ අතර අන්තර් පළාත් මගී ප්‍රවාහනය …
Continue Reading
Covid-19 hot: කොවිඩ් ආසාදිත මරණ 67ක්
ඊයේ (31) කොවිඩ් මරණ 67ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (01) දින තහවුරු කර තිබෙනවා. මියගිය පුද්ගලයින්ගෙන් 56 දෙනකු වයස අවුරුදු 60 හා ඊට වැඩි පුද්ගලයින් වන අතර පිරිමි පුද්ගලයින් 36 දෙනකු සහ කාන්තාවන් 31 දෙනකු මියගිය අය අතර සිටිනවා. මෙම මරණ 67ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,508ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Continue Reading
රජයේ සමස්ත ණය රු. ට්‍රිලියන 16.2 පනී: පසුගිය මාස 16 කට රු. ට්‍රිලියන 3.2ක් අලුතෙන් ණය වෙලා
2020 ජනවාරි සිට 2021 අප්‍රේල් දක්වා මාස 16 තුල ශ්‍රී ලංකා රජය අලුතෙන් රු. ට්‍රිලියන 3.2 ක මුදලක් ණය වී ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. අද ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය රු. ට්‍රිලියන 16 ඉක්මවා ඇති බවත් එය රොකට් වේගයෙන් ඉහළ යමින් පවතින බව ද හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ‘‘ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට වැඩි මුදලක් ණය …
Continue Reading
රට විවෘත කිරීම: නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කළ විශේෂ ඉල්ලීම
‘‘රට විවෘත කරනවා කියන්නේ සියලුම දේට නිදහස ලැබෙනවා කියන අදහස ඇති කර ගත්තොත් නම් අපිට මේක කළමනාකරණය කරගන්න අපහසුවෙන්න ඉඩ තියෙනවා‘‘ යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ රට සාමාන්‍ය තත්ත්වයට පත්වුවද සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමට ජනතාව පියවර ගත යුතු බවයි. ‘‘ගත වු මාස එකහාමාරක පමණ කාලයකට පසුව වැඩිම දෛනික …
Continue Reading
අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නෑ – නි.සෞ.සේ.අ. ජනරාල්
අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති වුවත් රජයේ සේවය සඳහා පැමිණෙන අයට, බස්රථ හෝ වෙනත් ආකාරයකින් රැකියාව සඳහා පැමිණීමට අවස්ථාව ලබාදිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. මෙහිදී වැඩි දුරටත් කරුණු සදහන් කරමින් ගුණවර්ධන මහතා අවධාරණයෙන් කියා සිටියේ කොවිඩ් ව්‍යාප්තියෙහි වගකීම සෞඛ්‍ය සේවයට හෝ ත්‍රිවිධ හමුදාවට පමණක් භාරගත නොහැකි බවයි. …
Continue Reading
ජපානය ඇතුළු රටවල් 06 ක තානාපතිවරු මුදල් අමාත්‍ය බැසිල් හමුවෙති
මෙරට ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අංශ පහක් යටතේ අඛණ්ඩව සහය ලබාදීමට තම රජය කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akira Xugiyam මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය දා (29) මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී ය. ජපන් රජයේ ආයෝජන මත මේ වන විට ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකව …
Continue Reading
සඳුදා රට විවෘත කරන තීරණය බොහෝ දුරට වෙනස් විය හැකියි
අගෝස්තු මස 02 වැනි සඳුදා රට විවෘත කරන තීරණය බොහෝ දුරට වෙනස් විය හැකි යැයි ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. ‘‘දැන් රට තියෙන්නේ ඒ තීරණය ගනිද්දි තිබුණ තත්ත්වයේ නොවෙයි. පසුගිය සතියේදී රෝගීන් ප්‍රමාණය වැඩිවී තිබෙනවා. පවතින අවදානම් තත්වය යටතේ කල්පනාකාරීව තීරණ ගැනීමට වෙනවා‘ යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ …
Continue Reading